ශ්‍රී ලංකාවට 19න් පහළ ආසියානු රග්බි ශූරතාවේ ස‍ත්කාරකත්වය හිමි වෙයි

Asia Rugby U19 15-a-side Championship 2026

61
U19 Asia Rugby Championship 2026

2026 වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට සත්කාරකත්වය ලබා දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 15 දෙනෙකු සහභාගී වන මෙම තරගාවලිය ආසියාවේ යොවුන් රග්බි දක්ෂයින් වෙනුවෙන් පැවැත්වෙන වැදගත් ම තරගාවලිය ලෙස සැලකිය හැකි අතර, එම නිසාම මෙම සත්කාරකත්වයේ වටිනාකම තවත් ඉහළට එසවෙනවා.

මීට පෙර 2000 වසරේ දී ශ්‍රී ලංකාව විසින් මෙම තරගාවලියට සත්කාරකත්වය ලබා දුන් අතර, එහි දී ජීවන් ගුණතිලකගේ නායකත්වය සමඟ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යෞවනයින් විසින් ඉහළ දක්ෂතා දක්වමින් චිලී හි පැවැත්වුණු අවුරුදු 20න්  පහළ රග්බි ලෝක ශූරතා තරගාවලියට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. එය ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සටහන් වී තිබෙනවා.

දැන් වසර විසි හයකට පසුව ශ්‍රී ලංකාව නැවතත් මෙම වටිනා අවස්ථාව වෙනුවෙන් සූදානම් වීමට නියමිත අතර, මෙමගින් දේශීය රග්බි අනාගතය වෙනුවෙන් ඉතා යහපත් අඩිතාලමක් ගොඩ නැගෙනු ඇතැයි ද විශ්වාස කළ හැකි.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<