පුවත් මවන ශකීබ්ට සුබ ආරංචියක්

317

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති තරග තුනකින් සමන්විත වූ විස්සයි විස්ස තරගාවලිය පසුගිය සති අන්තයේ දී නිමා වීමත් සමඟම දෙපිලේම ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගැනීමෙන් නවතම ජාත්යන්තර විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හී දැවැන්ත වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් සමත් වී තිබේ.

එවින් ලෙවිස්ගේ මැජික් ඉනිම නිසා ශූරතාවය කොදෙව්වන්ට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර …

බංග්ලාදේශය

නායක ශකීබ් අල් හසන් – කණ්ඩායම මෙහෙයවීමේ කාර්යභාරය සිය කර මතට ගනිමින් ක්‍රීඩකයෙකු වශයෙන් එයට උපරිම සාධාරණයක් මෙම තරගාවලියේ දී ඉටු කිරීමට ඔහු සමත් විය. තරගාවලිය පුරාවටම පිතිකරුවෙකු වශයෙන් කණ්ඩායමට අවශ්‍යම මොහොතේ දී විශිෂ්ට ඉනිම් කිහිපයක් ශකිබ් විසින් දියත් කෙරුණි. සියැල්හට් හී පැවති පළමු තරගයේ දී අනෙක් අන්තයෙන් පිතිකරුවන් දැවී යද්දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ශකීබ් ලකුණු 61ක් වාර්තා කරමින් බංග්ලාදේශ කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වූ අතර ඩකා හී පැවති දෙවන තරගයේ දී නොදැවී ලකුණු 42ක් ලබා ගනිමින් බංග්ලාදේශය ජයග්‍රහණය සඳහා මෙහෙයවීමට ඔහුට හැකි විය. පිත්තෙන් දැක්වූ මෙම දක්ෂතා පාදක කරගනිමින් අන්තර්ජාතික විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන 7ක් ඉදිරියට පැමිණෙමින් 37 වැනි ස්ථානය දක්වා උසස් වීමක් ලබාගෙන ඇත.

පිත්තෙන් පමණක් නොව පන්දුවෙන් ද සිය හැකියාවන් ප්‍රදර්ශනය කළ බංග්ලාදේශ නායකයා තරග 3ක් තුල දී කඩුලු 8ක් දවා ගත් අතර එම දක්ෂතාව ඔහුව පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් 7 වැනි ස්ථානයේ රැඳවීමට උපකාරී විය. එතැනින් නොනැවතී ඔහුගේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණු කුසලතා නිසාවෙන් ග්ලේන් මැක්ස්වෙල්ට පමණක් දෙවැනි වෙමින් දැනට සිටින ලොව දෙවන හොඳම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයා යන ගෞරව නාමය ඔහු දිනා ගැනීමට සමත් වී තිබේ.

කවුද මේ නායකකම ගන්න යන පොඩි ළමයා?

සත් හැවිරිදි පුංචි Archie Schillerගේ නත්තල් ප්‍රාර්ථනාව සැබෑ කරමින් ඉන්දියාව …

ශකීබ්ට සහය දෙමින් තුන් ඉරියව්වෙන්ම තම කණ්ඩායමට අගනා සේවයක් ඉටු කළ මහමදුල්ලා තරගාවලිය පුරාවට කඩුලු 5ක් බිඳ හෙළු අතර ඔහුගේ පිත්තෙන් ලකුණු 66ක් වාර්තා විය. එම නිසා පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හී 31 වැනි ස්ථානය දක්වාත් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන 17ක් පසු කරමින් 51 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණීමට සමත් වී ඇත. තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පළමු පස්දෙනා අතරට නම් කෙරුණු දෙවන බංග්ලාදේශ ක්‍රීඩකයා බවට පත් වෙමින් ශකීබ්ට වඩා ස්ථාන දෙකක් පහළින් (සිව්වැනි ස්ථානය) තම ස්ථානය වෙන්කර ගැනීමට ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතා ප්‍රමාණවත් විය.

ලිටන් දාස් – දෙවන සහ තෙවැනි තරගවල දී පන්දු අඩු සංඛ්‍යාවකට මුහුණ දෙමින් දියත් කළ වේගවත් ඉනිම් යුගලය (දෙවන තරගය 60, තෙවැනි තරගය 43) නිසාවෙන් පිතිකරු ශ්‍රේණිගත කිරීම් හී තම පෞද්ගලික උපරිම දක්ෂතාව පෙන්වීමට සමත් වූ ලිටන් එම නාම ලේඛනයේ 47 වන රැඳී සිටී.

බටහිර ඉන්දීය කොදෙව්

Icc-cricket.com  එවින් ලෙවිස්

එවින් ලෙවිස් – කොදෙව් කණ්ඩායමේ වමත් කසකරුවා ලෙස ක්‍රීඩා කරමින් ගේල් ගෙන් හිස් වූ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරණ භූමිකාවට මෙම තරගාවලිය පුරාවටම පණ පෙවීමට ලෙවිස් සමත් විය. කොදෙව්වන්ට තරගාවලි ජය අත්කර දෙමින් අවසන් තරගයේ දී දියත් කළ විශිෂ්ට ඉනිම හේතුවෙන් පිතිකරු නාම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය තම නමින් වෙන් කර ගැනීමට ඔහුට හැකි විය.

ෂායී හෝප් සහ නිකලස් පූරන් – හෝප් ශ්‍රේණිගත කිරීම් හී 80 වැනි ස්ථානය දක්වාත්, පූරන් 88 වැනි ස්ථානය දක්වාත් ඉහළට පැමිණ තිබේ.

කෙසේ නමුත් නවතම MRF විස්සයි විස්ස කණ්ඩායම් වර්ගීකරණයට අනුව බංග්ලාදේශය හත්වැනි හිමි කර ගනිද්දී කොදෙව්වන්ට හිමිව ඇත්තේ එහි දසවැනි ස්ථානයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<