ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සුපුරුදු පරිදි ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය චමරි අතපත්තු හට හිමි වී ඇති අතර, උපනායිකාව ලෙස අනුශ්කා සංජීවනී කටයුතු කරනු ඇති.
ශ්‍රී ලංකා සංචිතය;
චමරි අතපත්තු (නායිකා), අනුශ්කා සංජීවනී (උප නායිකා), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ශිතා සමරවික්‍රම, කවීශා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, ඉමේශා දුලනි, දෙව්මි විහංගා, පියුමි වත්සලා, ඉනෝකා පෙරේරා, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝදනී, මල්කි මදාරා සහ අචිනි කුලසූරිය
අතිරේක – ඉනෝශි ප්‍රනාන්දු
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් මස 30 වැනි දා සිට නොවැම්බර් මස 02 දා දක්වා පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ ආරම්භක තරගය ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
ESPN Cricinfo ඇසුරිනි.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<