මාලිංග යැවූ පන්දුවලට බිය වී ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එදා කළ දේ වසර ගණනකට පසු හෙළිවෙයි

3173

මාලිංගට අවුරුදු 16දී මාලිංග යැවූ පන්දු වලට බියවී ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එදා කළ දේ වසර ගණනකට පසු හෙළිවෙයි.

“කවුද යකෝ මූ…. ආයේ මේකා ප්‍රැක්ටිස්වලට එක්ක ගෙන එන්න එපා”

ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යවන්නන් අතර පෙරළියක් කරපු ක්‍රීඩකයෙක්. මාලිංග ගැන අයි.සී.සී. ශූරයින්ගේ කුසලානයත් සමඟ හැමෝම වගේ කතා කරන්න ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාවට යෝකර් පන්දු අරන් ආපු මේ අසහාය ක්‍රීඩකයා කොහොමද ක්‍රීඩාවට යොමු වුනේ කියලා වැඩි දෙනෙක් දන්නේ නැහැ නේද?

“ඒ කාලේ මාලිංගට අවුරුදු 16යි. පළවෙනි පාර මෙයා බෝල් කරද්දී බැට් කළේ මම මටම ලැජ්ජයි බොලේ කොහෙන් එනවද කියලා හොයා ගන්නවත් බැරි උනා.” මාලිංගව හොයා ගත්ත හැටි ගැන චම්පක රාමනායක කියන කතාව.