කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ත්‍රිත්වයින්ට කණගාටුදායක දිනයක්

ත්‍රිත්ව විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි භාතිය ඒකනායක නම් මෙම යොවුන් රග්බි ක්‍රීඩකයා ඊයේ (30) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී සිදු කරන ලද පුහුණුවීම් සැසියක් අතරතුර දී මෙලෙස ඇඳ වැටී තිබූ අතර, ඉක්මනින්ම ක්‍රියාත්මක වූ පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩලය ඔහුව මහනුවර මහ රෝහලට ඇතුළත් කරන ලදි. පසුව ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කළ නමුත්, පැය 12කට ආසන්න ජීවිතය බේරා ගැනීමේ සටනකට පසුව ඊයේ (1) දහවල් ඔහු මෙලොවින් සමුගෙන ගොස් ඇත.
සම්පූර්ණ වාර්තාව: පුහුණුවීම් අතරතුර ඇඳ වැටුණු ත්‍රිත්ව සිසුවා ජීවිතක්ෂයට
තරගය විසඳුමකින් අවසන් වන ලකුණු

ශ්‍රී ලංකා පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 419 (පන්දුවාර 154.5): දිනේෂ් චන්දිමාල් 155*, දිමුත් කරුණාරත්න 93, නිරෝෂන් දික්වැල්ල 83, දිල්රුවන් පෙරේරා 33, මොහොමඩ් අබ්බාස් 3/75, යසීර් ෂා 3/120, හසන් අලි 2/88.
පාකිස්තානු පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 422 (පන්දුවාර 140): අසාර් අලි 85, හැරිස් සොහෙයිල් 76, ශාන් මසූඩ් 59, සැමී අස්ලාම් 51, අසාද් ශෆීක් 39, රංගන හේරත් 5/93, සුරංග ලක්මාල් 2/42, නුවන් ප්‍රදීප් 2/77.
ශ්‍රී ලංකාව දෙවන ඉනිම (සිව්වන දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 69 (පන්දුවාර 40): කෞෂාල් සිල්වා 25, කුසල් මෙන්ඩිස් 16*, යසීර් ශා 2/25.
සම්පූර්ණ වාර්තාව: සිව්වැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්
කවීන් ජෝන් කීල්ස් ජයටැඹ කරා රැගෙන යයි

නිමා වූ වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතම පිතිකරු වූ දිනෙත් තිමෝද්‍ය තවදුරටත් තමන්ගේ දක්ෂතා දේශීය ක්‍රිකට් පිටියේ සජීවිකරණය කරමින් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට එරෙහිව පන්දු 44කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 77ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 5කින් සමන්විත විය.
දවසේ අනෙක් කැපී පෙණෙන පිතිකරු වූයේ ජෝන් කීල්ස් කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු කවීන් බණ්ඩාර ය. ඔහු මොබිටෙල් කණ්ඩායමට එරෙහිව පන්දු 104ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තේය.
වමතින් දඟපන්දු යවන රුමේෂ් සිල්වා යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තේ ය. එමෙන්ම “පොඩි මාලි” නමින් මේ වන විට ක්‍රිකට් පිටියේ අවධානය දිනා සිටින නුවන් තුෂාර මොබිටෙල් කණ්ඩායමට එරෙහිව ලකුණු 32කට කඩුලු 5ක් දවා ගත්තේ ය.
සම්පූර්ණ වාර්තාව: දිනෙත්, කවීන්, රුමේෂ් සහ නුවන්ට ලියැවුණ සති අන්තයක්






















