සිව්වැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්

306

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අබුඩාබි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය (1) සඳහා තරගය නිමා වන විට, සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් බිඳ වැටී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 69ක්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානු පළමු ඉනිමට වඩා ලකුණු 66ක් පෙරමුණේ පසුවෙයි.

ශ්‍රී ලංකා ජයග්‍රහණ බලාපොරොත්තුවලට පාකිස්තානයෙන් බාධා!

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද දිනය (30) නිමා වන විට පාකිස්තානු කණ්ඩායම කඩුලු 4ක් බිඳ වැටී ලබා සිටින ලකුණු සංඛ්‍යාව…

අද එරට වේලාවෙන් උදෑසන 10ට පමණ සිව්වැනි දිනය වෙනුවෙන් තරගය ආරම්භ කරන විට, ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියේ කෙසේ හෝ පකිස්තානු පිතිකරුවන් ඉක්මනින්ම දවා ගැනීමේ අරමුණ ඇතිවයි.

නමුත් වමත් පිතිකරු අසාර් අලී හා එක්වූ හැරිස් සොහෙයිල් උදෑසන කාලයේ ප්‍රථම මිනිත්තු 45 තුළ ඔවුන්ගේ පදනම තවදුරටත් සකස් කර ගැනීමට සමත් විය. සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වන 28 හැවිරිදි සොහෙයිල් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු 4ක් ලබා ගත්තේ ඔහුට ද යම්දෙයක් කළ හැකි බවට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඒත්තු ගන්වමිනි.

නමුත් අභියෝගයට අභියෝගයක් දුන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩක රංගන හේරත්, පකිස්තානු පළමු ඉනිමේ දැනට වැඩිම ලකුණු ලාභියාව සිටිමින් තරමක මන්දගාමී ස්වරූපයයෙන් පිත්ත ක්‍රියාත්මක කළ අසාර් අලීව ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. ඒ වන විට අලී පන්දු 226ක් තුල 4 පහර 4ක් සමඟින් ලකුණු 85ක් ලබාගෙන තිබුණි. එම කඩුල්ල දවා ගැනීමට උඩ පන්දුව රැකගැනීම සිදු කළේ මෙම තරගය තුළ පිටියේ පන්දු රැකීමට පමණක් ආදේශ වී සිටි යොවුන් ක්‍රීඩක සධීර සමරවික්‍රම විසිනි. ඒ වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 294ක් ලෙස දිස්විය.

“පර්ෆෝම් කරොත් තමයි අපට ඉස්සරහට එන්න පුළුවන්” – සඳකැන් පතිරණ

2017 අන්තර් පළාත් 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ සඳකැන් පතිරණ මරදාන අශෝක විද්‍යාලය…

ඉන්පසු පිටියට අවතීර්ණ වූ නායක සෆ්රාස් අහමඩ් නවක ක්‍රීඩක සොහෙයිල් සමඟින් එක්වූයේ තවදුරටත් පකිස්තානු පළමු ඉනිම ගොඩනැංවිය යුතු මොහොතකයි.

සයවැනි කඩුල්ල සඳහා ඔවුන් දෙපළට එක් කිරීමට හැකි වූයේ ලකුණු 22ක් පමණයි. ඒ සැණින් ක්‍රියාත්මක වූ සුරංග ලක්මාල් එක් 6 පහරක් හා 4 පහරක් සමඟින් ලකුණු 18ක් ලබාගෙන සිටි සෆ්රාස්ගේ කඩුල්ල දවා ගත්තේ, ශ්‍රී ලංකාවට තරගයේ වැඩි වාසිය ගෙන දෙමිනි.

පසුව පිටියට පැමිණි මොහොමඩ් අමීර් හා යසීර් ශා හට ද සොහෙයිල් සමඟින් තණතීරුව මත වැඩි වේලාවක් ගනුදෙනු කිරීමට වේගපන්දු යවන ක්‍රීඩක ලක්මාල් හා වමත් දඟපන්දුවේ විශිෂ්ටතමයා වන හේරත් අවස්ථාව ලබා නොදුන්නේ, සුවහසක් පකිස්තානු ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ද සුනුවිසුනු කරමිනි.

දිවා ආහාරය සඳහා තරගය නැවැත්වීමට පෙර හේරත්ගේ තවත් ගොදුරක් බවට පත්වූ යසීර්, Slip කලාපයේ පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උපනායක ලහිරු තිරිමාන්නගේ දෑතට උඩ පන්දුවක් ලබාදෙමින් ලකුණු 8ක් ලබාගෙන සිටිය දී පිටියෙන් ඉවත්ව ගියේ ක්‍රීඩාගාරයේ ඇති බොජුන්වල රස බැලීමට දෙපිලේම ක්‍රීඩකයින් හට අවස්ථාව උදා කරමිනි.

දිවා ආහාරයට අනතුරුව යළිත් ජවසම්පන්න පිතිකරණයක නිරත වූ පාකිස්තානුවන් අවසන් කඩුලු 2ක තුළ සිය මූලික ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. එහි දී හසන් අලී සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගනිමින්, 4 පහර දෙකක් හා දැවැන්ත 6 පහර ත්‍රිත්වයක් සමඟින් ලකුණු 29ක් ලබාගෙන සිටිය දී 9 වන කඩුල්ල ලෙස දැවී ගියත්, ඔහු හා සොහෙයිල් ඒ වන විටත් එම කඩුල්ල සඳහා වේගවත් ලකුණු 50ක සබඳතාවයක් ගොඩනංවා අවසන්ය. අවසන් පන්දුවාර කිහිපය තුළ දී ප්‍රදීප් විසින් නිපන්දු කිහිපයක්ම ලබාදෙන ලදි.

සටන්කාමී ඉනිමක් දියත් කරමින් සිය මංගල ටෙස්ට් තරගයේ දී ම අර්ධ ශතකයක් ලබාගත් සොහෙයිල් 4 පහර 7ක් හා දැවැන්ත 6 පහර දෙකක් සමඟින් ලකුණු 76ක් ලබාගෙන සිටිය දී නුවන් ප්‍රදීප් එවූ පන්දුවකට දැවී ගියේය. ඒ වන විට පකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 3ක් ඉදිරියෙන් පසු විය.

පිළිතුරු දෙවන ඉනිම දියත් කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වා පිටියට පැමිණියත්, ඔවුන් දෙදෙනා හට පිටිය තුළ වැඩි වේලාවක් රැඳී සිටීමට අවස්ථාවක් ලැබුණේ නැත.

දිමුත් මීට පෙර ටෙස්ට් තරගවල සාමාන්‍යයෙන් පළමු ඉනිමට වඩා දෙවන ඉනිම තුළ සාර්ථක වුවත්, මෙහි දී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 10ක් පමණි. අසාද් ශාෆික් විසින් එවූ පන්දුවකට සිය කඩුල්ල පූජා කළ තිරිමාන්න ලකුණු 7කට දැවී ගියේ සෆ්රාස් හට උඩපන්දුවක් ලබා දෙමිනි.

කෞෂාල් හා කුසල් මෙන්ඩිස් තෙවන කඩුල්ලට යම් සබඳතාවයක් ගොඩනැගීමට වෑයම් කළත්, සොහෙයිල් එවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ කෞෂාල් විනිසුරුතුමාගේ තීරණය පිළිගෙන ක්‍රීඩා පිටියෙන් ඉවතට යන විට, ශ්‍රී ලංකා දෙවන ඉනිම කඩුලු 3ක්  දැවී ලකුණු 51ක් ලෙස සටහන් වී තිබුණි. පළමු ඉනිම තුළ දී සුපිරි පිතිකරණයක නිරත වූ නායක දිනේශ් චන්දිමාල්ව ලකුණු 7කට දවා ගැනීමට යසීර් හට හැකි විය.

ක්‍රිකට් තාක්ෂණයේ අ(න)වශ්‍යතාවය

අද සනත් ජයසූරියව කනිෂ්ඨ ක්‍රීඩකයෙකු කොට පාසල් ක්‍රිකට් පුහුණු කඳවුරකට යවමු. එසේත් නැත්නම් මුත්තයියා මුරලිදරන්ව කනිෂ්ඨ දඟපන්දු පුහුණු…

ඉන්පසුව නිරෝශන් දික්වැල්ලව පිටියට නොඑවා ලක්මාල්ව සයවැනි පිතිකරු ලෙස පිටියට අවතීර්ණ කළේ, දිනය අවසන් වීමට තවත් පන්දුවාර කිහිපයක් පමණක් ඉතිරිව තිබූ නිසාවෙනි.

මෙන්ඩිස් හා ලක්මාල් එක්ව සිව්වැනි දිනය සඳහා තරගය නවතා දමන විට, සිය කඩුලු ආරක්ෂා කරගෙන පිතිකරණයේ නිරත වූ අතර, නොදැවී ක්‍රීඩා කරන මෙන්ඩිස් එක් 4 පහරක් සමඟින් නොදැවී ලකුණු 16*ක් සහ ලක්මාල් නොදැවී ලකුණු 2*ක් ලබාගෙන සිටියි. දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක යසීර් ලකුණු 25ක් තුළ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකා දෙවන ඉනිමට විශාල බලපෑමක් එල්ල කරමිනි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් හා තීරණාත්මක දිනය හෙටයි (2).

ශ්‍රී ලංකා පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 419 (පන්දුවාර 154.5): දිනේෂ් චන්දිමාල් 155*, දිමුත් කරුණාරත්න 93, නිරෝෂන් දික්වැල්ල 83, දිල්රුවන් පෙරේරා 33, මොහොමඩ් අබ්බාස් 3/75, යසීර් ෂා 3/120, හසන් අලි 2/88.

පාකිස්තානු පළමු ඉනිම  – සියල්ලන්ම දැවී ලකුණු 422 (පන්දුවාර 140): අසාර් අලි 85, හැරිස් සොහෙයිල් 76, ශාන් මසූඩ් 59, සැමී අස්ලාම් 51, අසාද් ශෆීක් 39, රංගන හේරත් 5/93, සුරංග ලක්මාල් 2/42, නුවන් ප්‍රදීප් 2/77.

ශ්‍රී ලංකාව දෙවන ඉනිම (සිව්වන දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 69 (පන්දුවාර 40): කෞෂාල් සිල්වා 25, කුසල් මෙන්ඩිස් 16*, යසීර් ශා 2/25.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට