ගෙවුනු දවස සැප්තැම්බර් 26 – සංඛ පූර්ණ 99යි

417
Sep - 26

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

පාපන්දු –

පැට්‍රික් විදුහල අර්ධ අවසන් වටයට

කොත්මලේ චොක්ස් වයස අවුරුදු 19න් පහල පාසල් පාපන්දු ශූරතාවලියේ අද (26) පැවති ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරගයේ දි දඬුවම් පහර 3-1ක් ලෙසින් සාර්ථක කරගනිමින් අර්ධ අවසන් තරගයේ අසුන් වෙන්කර ගැනීමට සාන්ත පැට්‍රික් විදුහල සමත් විය.

  • ප්‍රථම අර්ධය – සාන්ත පැට්‍රික් විදුහල 01 : 01 හමීඩ් අල් හුසේනී විදුහල
  • අවසන් ලකුණු – සාන්ත පැට්‍රික් විදුහල 01 : 01 හමීඩ් අල් හුසේනී විදුහල
  • දඬුවම් පහර අවස්තාව -සාන්ත පැට්‍රික් විදුහල 03 : 01 හමීඩ් අල් හුසේනී විදුහල

සම්පූර්ණ ලිපිය: පැට්‍රික් ක්‍රීඩකයෝ අර්ධ අවසන් වටයට


ක්‍රිකට් –

තරග දෙකකදි ප්‍රතිවාදීන්ට එකම ඉලක්කයක්

ප්‍රීමා ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරඟ දෙකක් අද (26) සාර්ථකව නිමාවූ අතර මෙම තරඟ වලින් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම හා බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම ජයග්‍රහණ ලබාගෙන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම – 216/10 (48.1): ලෙෂාන් අමරසිංහ 71, පවන් රත්නායක 57, තිතිර වීරසිංහ 24, සුගීත් නිමන්ද 3/37, නිදුක මල්සිත් 2/39

දකුණු පළාත් කණ්ඩායම – 147/10 (43.2): සඳුන් මෙන්ඩිස් 46, කවිදු නදීශාන් 22, විරංග වික්‍රමගේ 4/07, සචික චන්ද්‍රීර 2/22, තශික නිර්මාල් 2/23, අමිත් දාබරේ 2/03

බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම – 216/10 (49.5): කමිල් මිශාර 35, රනේශ් දුමින්ද 30, ශෙරෝන් ලියනගේ 29, රොහාන් සංජය 29, කවීශ දුලංජන 4/44, ශෙනාස් සංදීප් 2/38, , තීක්ෂණ රිද්මල් 2/31

බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම – 149/10 (44.4): අවිශ්ක තරිදු 51, අවිශ්ක ලක්ෂාන් 4/11, රොෂාන් සංජය 2/29, ලහිරු මදුසංක 2/41, රොහොන් සංජය 2/29

සම්පූර්ණ ලිපිය: බස්නාහිර, දකුණ හා මධ්‍යම අවසන් අසුන් ඩැහැගනී


තනුකගෙන් ලුම්බිණියට අර්ධ ශතකයක්

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩයේ  අද (26) පැවති තරග අතුරින් දෙවන දිනයටත් ක්‍රියාත්මක වූ කළුතර සිරි කුරුස විද්‍යාලය සහ මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයක් හිමිකර ගන්නට මාරිස්ටෙලාවන් සමත් විය. පිත්තෙන් ලකුණු 99ක් රැස් කල සංඛ පූර්ණ සහ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුනු සචිඳු කොළඹගේ එම ජයග්‍රහණයේ ප්‍රබල කොටස් කරුවන් බවට පත්වූහ.

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 259 (පන්දුවාර 67.3): මලින්ද ජයෝද් 58, ලහිරු අංගවිට 63, පසිඳු පෙරේරා 45, නදීර මධුවන්ත 36, සචිඳු කොළඹගේ 5/48, ලසිත් කෲස්පුල්ලේ 4/74.

මාරිස්ටෙලා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 347 (පන්දුවාර 81): සංඛ පූර්ණ 99, සචිඳු කොළඹගේ 85, නවීන් නිර්මාල් 44, අශාන් දක්ෂිත 33, රෙහාන් වාස් 4/61, අවිශ්ක පෙරේරා 2/44.

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 7ක් දැවී ලකුණු 117 (පන්දුවාර 41): මලින්ද ජයෝධ 62, අවිශ්ක පෙරේරා 25*, පසිඳු උශෙට්ටි 3/22, සචිඳු කොළඹගේ 3/11.

ලුම්බිණි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 216 (පන්දුවාර 70.5): තනුක දාබරේ 50, චරිත් මිහිරංග 36, තරිඳු සංජීව 34, කණිෂ්ක මදුවන්ත 20*, රුවින් පීරිස් 17, නිදූක වැලිකල 3/48, හෂාන් සන්දීප 2/41.

මහානාම විද්‍යාලය කඩුලු දෙකක් දැවී ලකුණු 51 (පන්දුවාර 16): කවිඳු මුණසිංහ 31*.

කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 57.5): අරුක්ෂ මනුල 36, එදිරිසූරිය ජයවීර 4/49, මෙවන් දුලාංජන 3/22.

වත්තල සාන්ත ඇන්තනි විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 114 (පන්දුවාර 34.2): ඩිලෝන් ප්‍රසන්න 23, පසිඳු චතුරංග 22

සම්පූර්ණ ලිපිය: මාරිස්ටෙලා විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයක්

දවසේ නිමාව