ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ වෙනසක්

2420

එළඹෙන පෙබරවාරි 25 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ තරග සැලැස්මේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

ටෙස්ට් තරගාවලියෙන් ආරම්භ වීමට නියමිතව තිබුණු ඉන්දීය සංචාරය විස්සයි විස්ස තරගාවලියෙන් ආරම්භ කිරීමටයි ඒ අනුව සැලසුම් කර තිබෙන්නේ. තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියෙන් අනතුරුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශුරතාවලියේ කොටසක් ලෙස පැවැත්වීමට නියමිතයි. එමෙන්ම තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය

දිනය තරගය ක්‍රීඩාංගණය
පෙබරවාරි 24 පළමු විස්සයි විස්ස තරගය  Lucknow
පෙබරවාරි 26 දෙවැනි විස්සයි විස්ස තරගය  

Dharamsala

පෙබරවාරි 27 තෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
මාර්තු 4 සිට 8 දක්වා පළමු ටෙස්ට් තරගය Mohali
මාර්තු 12 සිට 16 දක්වා දෙවැනි ටෙස්ට් තරගය (දිවා/රාත්‍රී)  Bengaluru

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<