ගෙවුනු දවස සැප්තැම්බර් 24 – රග්බි ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට

739
Sri Lanka Sports News

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 රග්බි 

ශ්‍රී ලංකාවට චීනය අභියෝගයක් විය

ආසියා සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේදි ඊයේ (24) පැවති තරග වලින් සත්කාරක දේශය වන දකුණු කොරියාව ඔවුන් නියෝජනය කල කාණ්ඩයේ (A) අපරාජිත ශූරයින් ලෙසද, ශ්‍රී ලංකාව පැවති තරගවලින් චීනය හමුවේ පමණක් පරාජය වෙමින් ඔවුන්ගේ කාණ්ඩයේ (B) දෙවැන්නෝ බවට ද පත්වූහ.

  • ශ්‍රී ලංකාව 29 – 05 සිංගප්පූරුව
  • ශ්‍රී ලංකාව 41 – 05 මැලේසියාව
  • ශ්‍රී ලංකාව 21 – 26 චීනය

සත්කාරක දේශය වන දකුණු කොරියාව ඊයේ පැවති තරගවලදි ජපානය 36-05ක් ලෙසත්, චීන තායිපේ කණ්ඩායම 45-12ක් ලෙසත්, ප්‍රථම අදියරේ ශූරයින් වුනු හොන්ග් කොන්ග් කණ්ඩායම 28-21 ලෙසද පරාජය කිරීමට සමත් විය.

දෙවන අදියරේ තවත් තරග කිහිපයක් අද දිනයේත් ක්‍රියාක්මකයි.

සම්පූර්ණ ලිපිය: චීනයට පමණක් පරාජය වෙමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට


 ක්‍රිකට් 

මහින්ද විද්‍යාලය අවසන් සටනට

ශ්‍රී ලංකාවෙන් ලොවට දායාද කල සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ අදහසක් අනුව 05 වන වරටත් ක්‍රියාත්මක “මුරලි සමගි” කුසාලනයේ පිරිමි අවසන් පූර්ව තරඟ ඊයේ (24) අවසන් විය.

මහින්ද විද්‍යාලය – 139/09 (20): කවිදු එදිවීර 41, නිපුන් මාලිංග 18, හිරන්ජිත් දුල්සර 17, නිමේෂ් මෙන්ඩිස් 3/24

සීනිගම සංයුක්ත කණ්ඩායම – 132/09 (20): නිමේෂ් මෙන්ඩිස්  42, කවීෂ දිල්රංග 35, රීවීන් යසස්  25, නිපුන් මාලිංග 3/17

සාන්ත ජෝශප් විද්‍යාලය – 120/08 (20): පහන් පෙරේරා 34*, නිපුන් සුමනසිංහ 31, රෙවාන් කෙලී 25, ලක්ෂිත මානසිංහ 3/19, උමේක්ෂ මාන්නප්පෙරුම 3/23

නාලන්දා විද්‍යාලය – 126/05 (19.4): තනුෂ්ක පොල්ගම්පළ 34, එන්. ඩී. ආර්. ඒ. කස්තුරිආරච්ච්  22, කසුන් සඳරුවන් 19*, පහන් පෙරේරා 1/07

සම්පූර්ණ ලිපිය: මහින්ද විද්‍යාලය තියුණු ජයක් සමඟ අවසන් සටනට


කසුන්ගෙන් නොදැවී ශතකයක්

අතිසාර්ථකව අවසන් වෙමින් යන 24 වන වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් පූර්ව තරඟ ඊයේ (24) ආරම්භ වූ අතර එහි තරඟ 2ක් ඊයේ පැවැත්විණි. මෙම තරඟ වලින් ජයග්‍රහණය කල එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම හා කැන්රිච් ෆිනෑන්ස් ආයතන කණ්ඩායම් අවසන් මහා තරඟය සඳහා තම අසුන් වෙන්කොට ගන්නා ලදි.

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම – 243/10 (47.1): සධීර සමරවික්‍රම 69, ලක්ෂාන් රොද්‍රිගෝ 49, සී. සුදාරක 32, ඒ. කාන් 3/56, රවිදු විජේරත්න 2/29

හේලිස් ආයතන කණ්ඩායම – 217/10 (45.4): එම්. සොයිසා 82, රොනිල් කුරේ 43, රවිදු විජේරත්න 22, හෙශාන් විජේරත්න 5/33

MAS Silueta කණ්ඩායම – 177/10 (45): දෙනුවන් රාජකරුණා 41, පබසර වඩුගේ 27, ඇන්ජලෝ ජයසිංහ 24, අලංකාර අසංක 3/17, ප්‍රභාත් ජයසූරිය 2/41

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම – 181/02 (21): කසුන් විදුර 108*, ශෙහාන්  ප්‍රනාන්දු 37, පවන් වික්‍රමසිංහ 30, ඇන්ජලෝ ජයසිංහ 1/03

සම්පූර්ණ ලිපිය: හේශාන්ගෙන් සුපිරි පන්දු රැකීමක්


සම්පත් බැංකුවට කෞෂාල්ගෙන් 147*ක්

24 වැනි වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවති A කාණ්ඩයේ තරග වලින් ජයග්‍රහණ වාර්තා කරන්නට සම්පත් බැංකු සහ MAS යුනිචෙලා කණ්ඩායම් සමත් විය. සම්පත් බැංකු කණ්ඩායම නියෝජනය කරන දකුණත් පිතිකරු කෞෂාල් සිල්වා නොදැවී ලකුණු 147ක් රැස් කරමින් ඊයේ දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් විය.

කොමර්ෂල් ක්‍රෙඩිට් සියල්ලන්ම දැවී ලකුණු 189 (පන්දුවාර 47.4): ලහිරු මධුශංක 41, චතුරංග ද සිල්වා 35, උපුල් තරංග 23, රංග කුරේ 28, මාලිංග බණ්ඩාර 3/29, තිලකරත්න ඩිල්ශාන් 2/30.

MAS යුනිචෙලා කඩුලු 4ක් දැවී ලකුණු 191 (පන්දුවාර 21.4): මහේල උඩවත්ත 65, ධනුෂ්ක ගුණතිලක 50, තිලකරත්න ඩිල්ශාන් 22, ලහිරු ගමගේ 1/37.

සම්පත් බැංකුව කඩුලු 8ක් දැවී ලකුණු 276 (පන්දුවාර 50): කෞෂාල් සිල්වා 147*, දිනුක් වික්‍රමනායක 36, කසුන් මධුසංක 2/56, සචිත් පතිරණ 4/43.

MAS ඇක්ටිව් සියල්ලන්ම දැවී ලකුණු 240 (පන්දුවාර 41.4): කිත්රුවන් විතානගේ 76, සචිත්‍ර සේරසිංහ 69, කසුන් රාජිත 4/50, නුවන් පෙරේරා 3/45, ජීවන් මෙන්ඩිස් 2/48.

සම්පූර්ණ ලිපිය: කෞෂාල් සිල්වාගෙන් සුපිරි ශතකයක්!

දවසේ නිමාව