ගෙවුනු දවස සැප්තැම්බර් 11 – BMS ක්‍රීඩකයින්ට විශිෂ්ට ජයක්

637
September 11th

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  ක්‍රිකට්  

ජනිශ්කගෙන් සෙබස්තියන් විදුහලට ශතකයක්.

පාසල් යොවුන් ක්‍රිකට් තරු සොයා යන “සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ” වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ අර්ධ අවසන් පූර්ව තරඟ ඊයේ (10) ආරම්භ විය. එම තරඟ දෙකේ අවසන් දිනය අද (11) පැවැත්වුනු අතර මෙම තරඟවලින් ඉණිමක ජයග්‍රහණයක් ලබාගත් නාලන්ද විද්‍යාලය හා සෙබස්තියන් විද්‍යාලය අවසන් තරඟය සඳහා අසුන් වෙන්කර ගන්නා ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම310/9 (90): ජනිශ්ක පෙරේරා 109, ශෙනාල් ප්‍රනාන්දු 82, සුකිත ප්‍රසන්න 40, ඔසද සඳරුවන් 5/58, කවීන් චතුශ්ක 2/32

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම 155/10 (80): ඔසඳ සඳරුවන් 28*, උපේක ප්‍රනාන්දු 24, සමුද්‍ර මෙන්ඩිස් 19, ශෙනාල් ප්‍රනාන්දු 2/24, චමෝද මෙන්ඩිස් 2/25

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම160/10 (62): රනුක් ගුණවර්ධන 34, ක්‍රිශාන් මුණසිංහ 34, දිල්මින් රත්නායක 31, තමිදු කමලසූරිය 5/44.

නාලන්ද විද්‍යාලය දෙවන ඉණිම 198/10 (47.4): මෝක්ෂ සංකල්ප 48, අවිශ්ක පෙරේරා 39, දිල්මින් රත්නායක 5/73, ක්‍රිශාන් මුණසිංහ 4/28

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉණිම31/06 (09): ජිතේෂ් වාසල 4/08

සම්පූර්ණ ලිපිය: නාලන්ද සහ සාන්ත සෙබස්තියන් අවසන් තරගයට


ලක්ෂාන් රොද්‍රිගෝ විශිෂ්ඨ පිතිහරඹයක.

වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ මුල් අදියරේ අවසන් තරඟ කිහිපය මේ දිනවලදි පැවැත්වෙන අතර එහි තවත් තරඟ කිහිපයක් අද (11) පැවැත්විණි. මෙම තරඟ වලින් ‍ හේලිස් කණ්ඩායම හා එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කරන ලදි.

හේලිස් ආයතන කණ්ඩායම – 283/10 (46.2): එම්. සොයිසා 146, ඒ. කාන් 43, කාංචන ගුණවර්ධන 4/52, චරිත් රාජපක්ෂ 2/45.

සෙලාන් බැංකු කණ්ඩායම – 198-9 (41.5): කාංචන ගුණවර්ධන 67, තරංග පරණවිතාන 55, චානක විජේසිංහ 25, රවිදු විජේරත්න 5/21

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම – 385/10 (48): ලක්ෂාන් රොද්‍රිගෝ 127, එස්. සමරවික්‍රම 89, ඒ. පෙරේරා 30, ලහිරු වික්‍රමසිංහ 4/57

පෑන් ඒශියා බැංකු කණ්ඩායම – 186/10 (39.2): විරාජ් දීපාල් 50, ලහිරු වික්‍රමසිංහ 31, රුවින්ද තක්ෂල 28, ආර්. වීරසිංහ 2/23, ටනීශ වීරකෝන් 2/27

සම්පූර්ණ ලිපිය: ලක්ෂාන්ගෙන් සහ සොයිසාගෙන් ශතකයක්


BMS කණ්ඩායමට සුපිරි ජයක්

රටවල් රැසක විශ්ව විද්‍යාල ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවති රෙඩ් බුල් විශ්ව විද්‍යාල තරගාවලියේ අවසන් මහා තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදි නිමාවට පත්වූයේ ව්‍යාපාර කළමණාකරන පාසල් (BMS) කණ්ඩායම ලකුණු 24ක ජයක් උරුම කරගිනිමින්.

BMS191/9 (20) | රනිත ලියනාරච්චි 52, දනංජය ද සිල්වා 32, දසුන් ශානක 19, ගේශාන් විමලධර්ම 17, මනෝජ් සරත්චන්ද්‍ර 14, අරිෆු රහ්මාන් 3/20, මොහොමඩ් ඉස්ලාම් 2/20, මෝර්සලින් මෝර්ටාසා 1/36.

ULAB 167/8 (20) | එම්. ඩී. හසානුස්මන් 39, අවිශේක් මිට්‍රා 28, මරාජ් නිලෝයි 20, කොෂාන් ජයවික්‍රම 4/27, චාමික කරුණාරත්න 2/17, ඩෙවින් පත්මනාදන් 1/31.

තරගයේ වීරයා – රනිත ලියනාරච්චි

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තුවන්න


  දැල්පන්දු  

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ශූරතා දෙකක්

සමස්ත ලංකා පාසල් දැල්පන්දු ශූරතාවලියේ වයස අවුරුදු 17න් පහල සහ 19න් පහල අවසන් මහා තරග කුරුණෑගල ශාන්ත අානා විද්‍යලීය ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

ශූද්ධ වු පවුලේ කන්‍යාරාමය 15න් පහල තරගාවලියේදි මලියදේව බාලිකා විද්‍යාලය හමුවේ 14-12ක් ලෙස පරාජය නොවුනා නම් ඔවුන්ට සමස්ත වයස් කාණ්ඩ 3ම ශූරතාවය සිය පාසල් සෙවනට ගෙන යෑමට හැකී වීමට තිබුනි.

  • U19දෙහිවල ප්‍රිස්බෙටීරියන් බාලිකා විද්‍යාලය 23 – 31 ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය
  • U17 – මහනුවර හිල්වුඩ් විද්‍යාලය 13 – 21 ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය
  • U15 – මලියදේව බාලිකා විද්‍යාලය 14 – 12 ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තුවන්න

දවසේ නිමාව

 පසුගිය සතියෙන් 

ඉසිපතන, කින්ග්ස්වුඩ් පෙරමුණට

මයිලෝ කුසලාන වයස අවුරුදු 18න් පහළ ලීග් රග්බි තරගාවලියේ අවසන් පූර්ව අදියර පැවැත්වුනේ රාජගිරියේ පිහිටි ආනන්ද විදුහල් රග්බි පිටියේදීයි. එහිදී හොටපු ශූරයන් වන කොළඹ ඉසිපතන විද්‍යාලය කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සමගත් කොළඹ සහිරා විද්‍යාලය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමගත් තරග වැදිණි.

අවසන් ලකුණු තත්ත්වය

  • ඉසිපතන විද්‍යාලය : 08 – 00 : ශාන්ත අන්තෝනි විද්‍යාලය
  • කිංග්ස්වුඩ් විද්‍යාලය : 17 – 05 : සහිරා විද්‍යාලය

යුද හමුදා සමාජ ක්‍රීඩකයෙකුට තහනමක්?

යුද හමුදා ක්‍රීඩා සමාජ පාපන්දු ක්‍රීඩක ඩිලාන් උදයංගට එරෙහිව වසරක තරග තහනමක් පැනවීමේ අවදානමක් මතුව ඇත. ඒ පසුගියදා කොළඹ තුරග තරග පිටියේදී අවසන් වූ, ඩයලොග් චැම්පියන්ස් ලීග් සුපර් 8 දෙනාගේ වටයේ, ගුවන් හමුදා කණ්ඩායම සමග පැවති තරගයකදී විනිශ්චයකාරවරයා සමග නොමනා අයුරින් වචන හුවමාරුවක යෙදීම හේතුවෙනුයි.

මෙවන් සිදුවීමක් මේ වසර තුල වාර්තා වූ පළමු අවස්තාව මෙය නොවේ. මාස කිහිපයකට පෙර FA කුසලාන අවසන් මහා තරගයේදී රිනවුන් ක්‍රීඩා සමාජයේ ෆ්‍රැන්සිස් ඇග්බේටි (Francis Agbeti) හට මෙවන්ම  කාඩ් පතක් ලබා දීමට කටයුතු කල අතර පසුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන විනය කමිටුව තීරණය කළේ ඔහුට වසරක තරග තහනමක් පැනවීමටයි.

සම්පූර්ණ ලිපිය: ඩිලාන් උදයංගට වසරක තරග තහනමක් පැනවෙන ලකුණු


විනය කැඩුවා යැයි දඬයක්

24 වැනිදා පැවති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය අතරතුරදීජගත් ක්‍රිකට් කවුන්සිල චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක හට තරග මුදලින් 30%ක දඩ මුදලක් පනවන්නට තරග තීරකවරයා පියවර ගෙන තිබේ.

සම්පූර්ණ ලිපිය: විනය නීති කැඩූ සචිත්‍රට 30%ක දඩයක්