කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
එක්දින තරගවලට දනුෂ්ක නැහැ

පසුගිය දා අවසන් වූ ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අතරතුර ඔහුගේ හැසිරීම් රටාව හා විනය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ කමිටුවක් මගින් මෙම තීරණය ගෙන ඇත. එසේම මේ නිසා ඔහුගේ වාර්ෂිකව ගිවිසුම්ගත මුදලින් 20%ක දඩ මුදලක් ද ගෙවීමට සිදුවනු ඇත. මෙම තහනම 2017 සැප්තැම්බර් 30 වන දා සිට බලපැවැත්වෙනු ඇති අතර, ඒ නිසා ජාතික තේරීම් කමිටුවට වමතින් පිත්ත හසුරුවන ගුණතිලකව ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්කර තිබේ.
සම්පූර්ණ වාර්තාව: දනුෂ්ක ගුණතිලකට තවත් ලෙඩක්
යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය වාර්තා මැද නිමා වේ

තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය මුළු ලකුණු 302ක් හිමිකර ගනිමින් තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර සමස්ත අනුශූරතාවය හිමි වූයේ මුළු ලකුණු 238ක් හිමිකර ගත් ශ්‍රී ලංකා කාලතුවක්කු බලකායයි. සමස්ත 3 වන ස්ථානය මුළු ලකුණු 150ක් ලබාගත් ගැමුණු හේවා බලකාය විසින් දිනාගන්නා ලදි.
සම්පූර්ණ වාර්තාව: යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තා 2ක්






















