ගෙවුනු දවස: ඔක්තෝම්බර් 23 – ටෙස්ට් සංචිතයේ වෙනසක්

419

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

ටෙස්ට් නායකයා රංගන

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ අබාධය හේතුවෙන්, සිම්බාබ්වේ හී පැවැත්වෙන ටෙස්ට් තරග සදහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස රංගන හේරත් පත්කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

සෙනසුරාදා දින පුහුණුවීම් අතර තුරදී පෙර තිබු ආබාධය වැඩි වීමත් සමඟ යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ මැතිව්ස්ට මෑතකදී අවසාන වූ ඕස්ට්‍රේලියානු තරගාවලියෙන්ද ඉවත් වීමට සිදුවූයේ ද ආබාධමය තත්වයක් නිසාවෙනි.

වමත් පිතිකරු උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට කණ්ඩායමට ඇතුලත් කර ඇත. 31 හැවරිදී තරංග, අත්දැකීම් අඩු ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීමට එක් වන්නේ කණ්ඩායමේ නිත්‍ය නායක සහ උප නායකයන්ගේ දායකත්වය මෙම තරගාවලියේදී කණ්ඩායමට නොලැබෙන නිසාවෙනි.

සම්පූර්ණ ලිපිය: සිම්බාබ්වේ තරග සංචාරයේ ශ්‍රී ලංකා නායකත්වය රංගන හේරත්ට


ජයග්‍රහණය ලුම්බිණි විද්‍යාලයට

සිංගර් 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (23) ක්‍රියාත්මක වූ පළමු කාණ්ඩයේ තරගයක දී විශිෂ්ට ජයග්‍රහණයක් තම පාසල් නාමය ඉදිරියෙන් සනිටුහන් කිරීමට ලුම්බිණි විද්‍යාලය සමත්විය. ඊයේ පළමු කාණ්ඩය යටතේ පැවති අනෙක් තරගයේ ප්‍රථම දිනය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට වැඩි ගෞරවය ගෙන දෙමින් නිමාවට පත්විය.

සාන්ත සර්වේසස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 89 (පන්දුවාර 54.5) සඳරු නෙත්මිණ 22, විමුක්ති කුලතුංග 5/19, කණිෂ්ක මදුවන්ත 3/35.

ලුම්බිණි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 41.2) තානුක දාබරේ 39, රවීෂ සත්සර 32, ශශික දුල්ෂාන් 6/37, සඳරු නෙත්මිණ 4/38.

සාන්ත සර්වේසස් විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 122 (පන්දුවාර 45.2) සඳරු නෙත්මිණ 39, තානුක දාබරේ 5/31, විමුක්ති කුලතුංග 2/40.

ලුම්බිණි විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 66 (පන්දුවාර 13.1) රවිඳු සංජීව 36*.

මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 61 (පන්දුවාර 30.5) ශෙහාන් සොයිසා 17, ඩෙලෝන් පීරිස් 6/13, පවිත් රත්නායක 2/17.

සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 98 (පන්දුවාර 38) දිනුර ගුණවර්ධන 36, මොහොමඩ් ඉෂාක් 24, නිර්මාල් විජේසිංහ 2/24.

සම්පූර්ණ ලිපිය: පන්දු යවන්නන්ගේ තරගයකින් ලුම්බිණි විද්‍යාලයට විශිෂ්ට ජයක්


 දැල්පන්දු 

ගුවන් ක්‍රීඩිකාවෝ නාවික ක්‍රීඩිකාවන් අභිබවා යයි

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සහ නිදහස් වෙළඳ කලාපීය ක්‍රීඩා සමාජයන් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා අන්තර් සමාජ විවෘත දැල්පන්දු තරගාවලිය” ඊයේ (23) සාර්ථකව නිමාවට පත්වූයේ සමස්ත ශූරතාවය, ලකුණු 25/26ක් ලෙස ලබා ගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය විසින් හිමිකර ගනිමිනි.

තරගයේ විශේෂ කුසලතා සම්මාන

  • දක්ෂතම මැද පෙල ක්‍රීඩිකාව: තිළිණි වත්තේගෙදර (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම රකින්නිය: දීපිකා දර්ශණී (නාවික හමුදා ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම විඳින්නිය: දුලංගා ධනංජී (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • දැල්පන්දු රැජින: දුලංගා ධනංජී (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

සම්පූර්ණ ලිපිය: ගුවන් සෙබලියෝ ශූරතාවය සමඟ ඉගිලෙයි

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

 පසුගිය සතියෙන් 

18න් පහල ශූරිය කිමිකෝ රහීම්

පසුගිය 18 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිණුම් තටාකයේදී ආරම්භ වූ ප්‍රථම දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය 22 වනදා සවස නිමාවට පත්විය. ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඩී. එම්. ආර්. ඩී. ජයසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ සමාප්ති උත්සවය පැවැත්විණි.

එහිදී  තරගාවලියේ

  • වයස අවුරුදු 15න් පහළ දක්ශතම ක්‍රීඩිකාව – ඉන්දියාවේ කෙනීශා ගුප්තා (රන් පදක්කම් 04)
  • වයස අවුරුදු 15න් පහළ දක්ශතම ක්‍රීඩකයා – ඉන්දියාවේ සන්ජෙයි ජයක්‍රිශනන්. (රන් පදක්කම් 05)
  • වයස අවුරුදු 18න් පහළ දක්ශතම ක්‍රීඩිකාව – ශ්‍රී ලංකාවේ කිමිකෝ රහීම් (රන් පදක්කම් 05)
  • වයස අවුරුදු 18න් ඉහළ දක්ශතම ක්‍රීඩකයා – කයිල් අබේසිංහ (රන් පදක්කම් 04)
  • වයස අවුරුදු 18න් ඉහළ දක්ශතම ක්‍රීඩිකාව – ඉන්දියාවේ ජයෝට්සනා රාජේන්ද්‍ර (රන් පදක්කම් 04)
  • වයස අවුරුදු 18න් ඉහළ දක්ශතම ක්‍රීඩකයා – ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ (රන් පදක්කම් 05)

ශූරතා ලකුණු සටහනට අනුව තරගාවලියේ

  • ශූරතාවය – ඉන්දියාව (රන් පදක්කම් 121, රිදී 77, ලෝකඩ 18  – මුළු පදක්කම් 216)
  • අනුශූරතාව – ශ්‍රී ලංකාව (රන් පදක්කම් 28, රිදී පදක්කම් 66, ලෝකඩ 95 – මුළු පදක්කම් 189)
  • තෙවන ස්ථානය – බංගලාදේශය (රන් පදක්කම් 02, රිදී පදක්කම් 02, ලෝකඩ  පදක්කම් 05-මුළු පදක්කම් 09)
  • සිව්වන ස්ථානය – පාකිස්ථානය (රන් පදක්කම් 01, රිදී පදක්කම් 03, ලෝකඩ 02 – මුළු පදක්කම් 06) හිමි කර ගැනීමට සමත් විය.

සම්පූර්ණ ලිපිය: ජල ක්‍රීඩා තරගාවලියේ ශූරතාවය ඉන්දියාවට, ශ්‍රී ලංකාවට අනුශූරතාවය


ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී, සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වුනු තෙවන හා අවසන් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත ලකුණු 138ක ජයග්‍රහණයක් සමඟින් තරගාවලියේද ජයග්‍රහණය දිනා ගැනීමට 21 වැනිදා සමත් විය.

ශ්‍රී ලංකා A කණ්ඩායම දෙවන ඉණිම – 257/06 dec (74.2): අසේල ගුණරත්න 69, සඳුන් වීරක්කොඩි 48, රොෂේන් සිල්වා 44, කිරෙන් පවෙල්  44, දසුන් ශානක 33*, රහකීම් කෝන්වල් 4/87

කොදෙව් A කණ්ඩායම දෙවන ඉණිම – 194/10 (67.2): ශම්රා බෲක්ස් 46, ජමාර් හැමිල්ටන්, ජෙෆ්රි වැන්ඩසේ 6/47, ලක්ෂාන් සඳකැන් 3/61

සම්පූර්ණ ලිපිය: කොදෙව්වන් පරාජය කරමින් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට


17ක් “හා” කියයි

ක්‍රීඩකයන් 17 දෙනෙකු පමණක් මධ්‍යම තරඟ කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට සිය අනුමැතිය ලබා දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ සවස කළ නිකුත් කල නිල නිවේදනයේ දැක්වේ.

ඒ සමඟම දිගු කාලයක් මුළුල්ලේ පැවති මතභේදය අවසන් කරමින්, කප්පාදු කරන ලද ගෙවීම් කිහිපයක්ද සහිතව ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නව තරඟ කොන්ත්‍රාත්තු ආවරණය කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත් වී තිබේ. ක්‍රීඩකයන්ගේ නව වාර්ෂික තරඟ කොන්ත්‍රාත්තුව ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත අඩු වැඩි වන ආකාරයට සකස් කොට ඇත.

කොන්ත්‍රාත්තුගත ජාතික ක්‍රීඩකයන් 17දෙනා.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ධනුෂ්ක ගුණතිලක, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ.

සම්පූර්ණ ලිපිය: 17 දෙනෙක් කොන්ත්‍රාත්තුවට එකඟ වෙයි


දක්ෂතම ක්‍රීඩකයා චමල්, ක්‍රීඩිකාව හෂිනි

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා මහෝත්සවය වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඉකුත් 13 වනදා උත්වසවාකාරයෙන් මහනුවර බෝගම්බර දී ආරම්භ වුනු අතර දින 5ක් පුරා පැවති තරගාවලිය 17 වැනිදා සන්ද්‍යාවේදී විචිත්‍රවත් සමාප්ති උළෙල‍ෙකින් පසුව අවසන් විය.

සමස්ත බාලක ශූරතාවය දිනා ගනු ලැබූවේ බස්නාහිර පලාත නියෝජනය කල මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයයි. ඔවුන් ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 100ක්.

මෙය ඔවුන් විසින් ලබා ගත් 07 වන බාලක ශූරතාවය යි.

සමස්ත බාලිකා ශූරතාවය දිනාගනු ලැබුයේ ලකුණු 231ක් ලබාගත් මධ්‍යම පලාත නියෝජනය කල වලල ඒ. රත්නායක විද්‍යාලයයි. ඔවුන් බාලිකා ශූරතාවය දිනාගත් 17 වන අවස්තාව මෙයයි.

සමස්ත තරගාවලියේම දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙසින් අභිසෙස් ලැබුවේ වයඹ පලාත නියෝජනය කල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ හෂිනි ප්‍රබෝධා ය. ඇය අවුරුදු 19න් පහල බාලිකා තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 12.66ක වාර්තා කරමින් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් විය.

සමස්ත තරගාවලියේම දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිසෙස් ලැබුවේ 19න් පහල බාලක තුන් පිම්ම ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කල මීරිගම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ චමල් කුමාරසිරි ය.

සම්පූර්ණ ලිපිය: සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වැඩි ගෞරවය බස්නාහිර පළාතට