ගෙවුනු දවස: ඔක්තෝම්බර් 11 – මුතූ නැවතත් සංචිතයට

777
Sri Lanka Sports NewsSri Lanka Sports NewsSri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 රග්බි 

ආසියානු ශූරතාවලියේ ශ්‍රී ලංකා සංචිතය

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසාන අදියර මෙම සති අන්තයේදී කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත. මව්බිමේදී තරගාවලී ශූරතාවක් ලබා ගනු පිණිස ක්‍රීඩා කරන්නාවූ ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතය ඊයේ නම් කරනු ලැබීය.

හිටපු ජාතික කණ්ඩායම් නායක සුදර්ශන මුතුතන්ත්‍රී නැවතත් කණ්ඩායමට කැදවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත. තරගාවලියේ බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා වන මුතුතන්ත්‍රී හට තරගාවලියේ පළමු හා දෙවන අදියර මඟහැරී ගියේ ඔහුගේ මැණික් කටුව අසල ඇතිවූ අබාධ තත්ත්වයක් නිසාවෙනි.

සංචිතය

දනුශ්ක රන්ජන් (නායක), ශ්‍රීනාත් සූරියබණ්ඩාර, රිචර්ඩ් ධර්මපාල, දුලාජ් පෙරේරා, දනුශ් දයාන්, කාංචන රාමනායක, කවිඳු පෙරේරා, ජේසන් දිසානායක, කෙවින් ඩික්සන්, සුදර්ශන මුතුතන්ත්‍රි, ඔමල්ක ගුණරත්න, තරින්ද රත්වත්තේ.

සම්පූර්ණ ලිපිය: ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක්


 ක්‍රිකට් 

කොදෙව්වෝ පළමු දිනයට 331

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවත්වෙන සිව්දින ටෙස්ට් තරගාවලියේ දෙවන තරඟය ඊයේ (11) මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි ආරම්භ වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසික තත්ත්වයකින් යුතුව මෙම තරඟය සඳහා අවතීර්ණ විය.

දෙවන සිව්දින තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සංචාරක කොදෙව් A කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා අවස්ථාව උදා කරගන්නා ලදි.

බටහිර ඉන්දීය කොදෙව් A පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 331/05 (89.4): ජමාර් හැමිල්ටන් 99, විශාල් සිං 81*, රජේන්ද්‍ර චන්ද්‍රික 51*, ශිම්රන් හෙට්මයර් 48, දිමුත් කරුණාරත්න 1/0, චරිත් අසලංක 1/74,

සම්පූර්ණ ලිපිය: පළමු දිනයේ ආධිපත්‍යය කොදෙව්වන්ට


මාරිස්ටෙලා පරදා ජය සාන්ත ජෝසප් විදුහලට

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ ඊයේ (11) පැවති තරග වලදී පූර්ණ තරග ජයග්‍රහණයක් සාන්ත ජෝසප් විද්‍යාලයට හිමිවූ අතර ජෝසප් වාස් සහ මොරටු විද්‍යාලය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. නිමාවූ තරග දෙක අතුරින් සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ධනංජය පෙරේරා සහ මදුෂාන් රණතුංග යන ක්‍රීඩකයින් දෙපල පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දැක්වූ විස්මිත දක්ෂතා කාගේත් වැඩි අවධානයට ලක්විය.

මාරිස්ටෙලා විද්‍යාලය සියල්ලන්ම දැවී  ලකුණු 150 (පන්දුවාර 46.5) දුෂාන් ගුරුගේ 32, සචිඳු කොළඹගේ 24, හවින් පෙරේරා 3/28, ආර්. ඒකනායක 4/42.

සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 251 (පන්දුවාර 63.5) රේවන් කෙලී 76, තශාන් පෙරේරා 56,  නිපුන් සුමනසිංහ 43, රවිඳු ප්‍රනාන්දු 4/59.

මාරිස්ටෙලා විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 160 (පන්දුවාර 43.2) ජී. ලසිත් 81, ෂෙහාන් මනීෂ 25, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 3/24, හරීන් කුරේ 3/39.

සාන්ත ජෝසප් විද්‍යාලය (දෙවන ඉනිම) කිසිවෙකු නොදැවී ලකුණු 60 (පන්දුවාර 17.1) රේවන් කෙලී 30*, තශාන් පෙරේරා 26*.


සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 331 (පන්දුවාර 90.3) මදුෂාන් රණතුංග 108, ධනංජය පෙරේරා 110, ප්‍රසාද් පෙරේරා 62, ශේෂාද නිකේන්ද්‍ර 3/69, ඉසුරු ජයරංග 3/48.

මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 149 (පන්දුවාර 56.2) මදුෂ්ක ප්‍රනාන්දු 53, ධනංජය පෙරේරා 3/26, මදුෂාන් රණතුංග 2/33.

සාන්ත ජෝසප් වාස් (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 186 (පන්දුවාර 50) ධනංජය පෙරේරා 105*, මදුෂාන් රණතුංග 55*.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට