රංගන පසුකොට අශ්වින් ඉහළට

327
Test bowlers rankings 2017

ඉන්දියා – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට ප්‍රථම ලෝක ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබා සිටියේ ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා ය. ශ්‍රී ලංකාවේ රංගන හේරත් සහ ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථානවල රැඳී සිටියේය.

නමුත් ශ්‍රී ලංකාවට ලකුණු 304ක දැවැන්ත පරාජයක් සමඟින් පළමු ටෙස්ට් තරගය අවසන් වූ අතර එහි ඉනිම දෙකේ දී ම ජඩේජා විසින් දවා ගත් කඩුලු ගණන 6කි. රංගන විසින් තරගය තුළ දී දවා ගන්නා ලද්දේ එක් කඩුල්ලක් පමණි. අශ්වින්ට කඩුලු 4ක් හිමි විය.

ඒත් සමඟින් රංගන පසුකොට ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට පැමිණෙන්නට අශ්වින් සමත්වූ අතර ජඩේජාගේ ස්ථානය නොවෙනස්ව පවතී. පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ චේතේශ්වර් පුජාරා පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ සිව්වැනි ස්ථානයට පත්ව තිබේ. ඔහුට ඉදිරියෙන් සිටින තිදෙනාම සුදු ජාතිකයන් වන අතර පළමු ස්ථානය ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ටත්, දෙවන ස්ථානය එංගලන්තයේ ජෝ රූට් හටත්, තෙවන ස්ථානය නවසීලන්තයේ කේන් විලියම්සන් හටත් අත්ව ඇත.

තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයන් අතුරින්ද දෙවන සහ තෙවන ස්ථාන ලබාගෙන ඇත්තේ ජඩේජා සහ අශ්වින් ය. පළමු ස්ථානයේ පසුවන ෂකීබ් අල් හසන්ගේ ස්ථානය නොවෙනස්ව පවතියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<