ගෙවුනු දවස: නොවැම්බර් 24 – තරගාවලි දෙකක් කල් දමයි

306
Sri Lanka Sports News last day summary 24th(1)

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –

SLC ප්‍රිමියර් ලීග් තරඟාවලිය ඊලඟ සතියට

මේ දිනවල පවතින වර්ෂාධික දේශගුණික තත්වය සලකා බලමින් 2016/17 SLC ප්‍රිමියර් ලීග් තරඟාවලිය සතියකින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

පළමු පෙල තරඟාවලිය කණ්ඩායම් 24කගේ සහභාගීත්වයෙන් එළඹෙන 25 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එහිදී තරඟ 10කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා විවිධ ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතව තිබුණි.

“වැස්ස නිසා අපට අවසන් දින කිහිපයේදී ක්‍රීඩාංගනය තුළදී පුහුණුවීම් කිරීමට නොහැකි වුණා වගේම පිටියේ කාර්ය මණ්ඩලයටත්, තරඟයට තණතිල්ල සූදානම් කිරීමට නොහැකි වුණා. මං හිතන්නේ තරඟාවලිය සතියකින් කල් යාම හොඳයි.” යැයි නම ප්‍රසිද්ධ කිරීමට අකමැති කණ්ඩායම් නායකයෙකු ThePapare.com සමඟින් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ ලිපිය: SLC ප්‍රීමියර් ලීග් තරඟාවලිය සතියකින් කල් යයි


පාපන්දු –

සුපිරි 8 ජනවාරි මාසයට

පවතින දැඩි වර්ෂාවත්, එළඹෙන උත්සව සමයත් හේතුකොට ගෙන ඩයලොග් ශූරයන්ගේ කුසලානයේ සුපිරි අටදෙනාගේ වටයේ තරඟ යළිත් කල් දැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇත. ඒ අනුව තරගය නැවතත් ආරම්භ වන්නේ එළඹෙන වසරේ ජනවාරි මස 21වැනි දායි.

“ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හැටියට මේ සති අන්තයේදී අපට ඩයලොග් සුපිරි අටදෙනාගේ වටයේ දෙවන සතිය පැවැත්වීමට නොහැකියි. එනිසා උත්සව සමයට පෙරාතුව තරඟාවලිය අවසන් කිරීමටත් නොහැකි වෙනවා. ඒකයි අපි ඊළඟ ජනවාරියේ දෙවන සතිය දක්වා එය කල් තැබුවේ.” යැයි පාපන්දු සම්මේලනයේ  ප්‍රධාන විධායක නිලධාරී යූ. එල්. ජස්වාර් ThePapare.com සමඟින් අදහස් දැක්වූයේ එසේයි.

සම්පූර්ණ ලිපිය: සුපිරි අටදෙනාගේ තරග ලබන ජනවාරි දක්වා කල්යයි

දිනයක නිමාව