ගෙවුනු දවස: නොවැම්බර් 23 – එක් ලකුණක ජයක්

479
Sri Lanka Sports News last day summary November 23rd

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

රග්බි –

හතලිහෙන් තිස්දෙකක් තෝරා ගනී

එළඹෙන දෙසැම්බර් 11වන දා සිට 17වන දා දක්වා පැවැත්වෙන රග්බි ඒශියාඩ් තරඟාවලිය සඳහා තෝරාගත් 19න් පහල ශ්‍රී ලංකා සංචිතය, සති දෙකක පුහුණු කාලයකින් පසුව ක්‍රීඩකයින් 32ක් දක්වා අඩුකොට ඇත. ආරම්භයේදී සංචිතයට ක්‍රීඩකයන් 40 දෙනෙකු ඇතුලත් විය.

මේ වන විටත් පැවැත්වෙන ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ආබාධ රහිතව තබා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත. එබැවින් 19න් පහල සංචිතයේ සිටින ක්‍රීඩකයන් ලීග් තරඟාවලියෙන් ඉවත් කරගැනීමට තීරණය කොට ඇත.

ThePapare.com සමඟින් අදහස් ප්‍රකාශ කළ 19න් පහල සංචිතයේ ප්‍රධාන පුහුණුකරු නිලූෆර් ඊබ්‍රාහිම් විශ්වාසයෙන් යුතුව පවසා සිටියේ,

“මේ පාර අපිට ලැබිලා තියෙන්නේ හොඳ සංචිතයක්. ඔවුන් ඉගෙනීමේ කැමැත්තෙන් පසුවෙනවා වගේම සෑම පුහුණු සැසියකදීම වඩාත් දියුණු වෙනවා. මං හිතන්නෙ මේ වතාවෙදි අපට හොඳ අවස්ථාවක් තිබෙනවා හොංකොං කණ්ඩායම පරාජය කරමින් ලබන වසරේ ලෝක කනිෂ්ඨ රග්බි ශූරතාවලිය සඳහා අවස්ථාව ලබා ගැනීමට”.

සම්පූර්ණ සංචිතය: කනිෂ්ඨ රග්බි සංචිතයට ක්‍රීඩකයින් 32ක්


ක්‍රිකට් –

ක්‍රිකට්ලෝලීන් සලිත කල තරගයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගය සඳහා පිවිසීමට දොරගුළු විවර කර දෙමින් තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා – කොදෙව් තරගය ඊයේ (23) නිමාවට පත්විය. අවසන් පන්දුවාරයේ අවසන් පන්දුව දක්වාම කුතුහලය පිරුණු මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ එක් ලකුණකිනි.

බුලවායෝ තණතිල්ල මතදී කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර ඔවුන් ඊට ප්‍රතිචාර දක්වමින් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 330ක් රැස් කරන ලදී. අද දින ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වන්නට තිබූ ශතක දෙකක්ම ශතකය පෙනෙන මානයේදී අවාසනාවන්ත ලෙස අහිමි වී යාම ප්‍රේක්ෂකයින් කණගාටුවට පත්කල කරුණක් බවට පත්විය.

ශ්‍රී ලංකා – කඩුලු 7ක් දැවී ලකුණු 330 (පන්දුවාර 50): කුසල් මෙන්ඩිස් 94, නිරෝෂන් දික්වැල්ල 94, ධනංජය සිල්වා 58, උපුල් තරංග 26, ජේසන් හෝල්ඩර් 3/57.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 9ක් දැවී ලකුණු 329 (පන්දුවාර 50): එවින් ලෙවිස් 148, ජේසන් හෝල්ඩර් 45*, ජොන්සන් චාල්ස් 26, ශයි හෝප් 25, සුරංග ලක්මාල් 2/67, නුවන් කුලසේකර 2/73.

සම්පූර්ණ ලිපිය: තියුණු තරගයකින් සුපිරි ජයක් ලද ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

දිනයක නිමාව