Kohliගේ ආබාධය ගැන Dravidගෙන් ප්‍රකාශයක්

ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්රිකානු සංචාරය 2022

1459

ආබාධයකට ලක්වීම නිසාවෙන් දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන ටෙස්ට් තරගයේ දී විවේක ගැන්වූ ඉන්දීය ටෙස්ට් නායක Virat Kohli තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දී ක්‍රීඩා කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඉන්දීය ප්‍රධාන පුහුණුකරු Rahul Dravid ප්‍රකාශ කර තිබුණා.

දෙවැනි ටෙස්ට් තරගයෙන් ලද පරාජයෙන් පසු ඉන්දීය නායකයාගේ ආබාධ තත්වය පිළිබඳව අදහස් දක්වමින් Rahul Dravid ප්‍රකාශ කළේ,

ඔහු සියලුම අංශයන්ගෙන් හොඳින් ඉන්න ඕන, ඔහුට පොඩ්ඩක් දුවන්න අවස්ථාව ලැබුණ නිසාවෙන් එය පරීක්ෂා කරන්න අවස්ථාවක් ලැබුණා. Cape Town හී පුහුණු සැසි දෙකකින් පසුව ඔහු හොඳ තත්වයට පැමිණේවි කියලා මම හිතනවා. මට ඇසෙන සහ ඔහු සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව දැන ගත් දේවල්වලට අනුව ඔහු දින හතරක් තුළ පූර්ණ සුවය ලැබිය යුතුයි.”

එමෙන්ම දෙවැනි තරගයේ පරාජයට හේතුවක් වූ ඉන්දීය ක්‍රීඩකයින්ගේ පිතිකරණය පිළිබඳව අදහස් දැක්වූ Rahul Dravid ප්‍රකාශ කර සිටියේ,

මෙම කඩුල්ල කණ්ඩායම් දෙකටම ඉතා අභියෝගයක් තිබුණු කඩුල්ලක්. දකුණු අප්‍රිකාවේ දෙවැනි ඉනිම නිසැකයෙන්ම ඔවුන්ගේ උපරිමය පෙන්නුම් කළා. පිතිකරණ බල ඇණියක් ලෙස අපි සම්බන්ධතා ගොඩනැගීම පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. පළමු ඉනිමේ අපි තවත් ලකුණු 50/60 ලබා ගත්තා නම් වෙනසක් සිදු වෙන්න තිබ්බා.

නිසැකයෙන්ම අපි හොඳින් පන්දුවට පහර දෙන්න බලන්නේ. හොඳ ආරම්භයක් ලබා ගන්නා පිතිකරුවන් එය ශතකයක් වෙත පරිවර්තනය කරගන්න උත්සහ කරන්න ඕන. පළමු තරගයේ රාහුල්ගේ ශතකය නිසා අපි ජයග්‍රහණය ලැබුවා වගේම දෙවැනි තරගයේ Dean Elgarගේ 96 නිසා ඔවුන් ජයග්‍රහණය කළා.”

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබමින් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකි වූ අතර තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය 11 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<