ගෙවුනු දවස මාර්තු 30 – ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

778
Sri Lanka Sports News

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

ජැක් හේන්ස් දක්ෂ පිතිකරණයක

England Bunbury U16
Photo Credit: http://wccc.co.uk

එංගලන්ත වයස අවුරුදු 16න් පහළ කණ්ඩායම වෙනුවෙන් ජැක් හේන්ස් පෙන්නුම් කල දක්ෂ පිතිකරණ රටාව නිසා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට ඊයේ (30) ලකුණු 99ක අවාසනාවන්ත පරාජයක් උරුම විය. ඒ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනු තෙවැනි එක්දින තරගයේ අවසන් ප්‍රතිඵලය ලෙසයි.

එංගලන්ත 16න් පහළ කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 245 (පන්දුවාර 50) ජැක් හේන්ස් 93, සෑම් ඩෝර්සේ 36, අහමදුල්ලා කාඩ්‍රි 25, යසිරු කතෘආරච්චි 4/31, සඳුන් මෙන්ඩිස් 3/16, ලහිරු මධුසංක 2/63.

ශ්‍රී ලංකා 16න් පහළ කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 146 (පන්දුවාර 37.2) පවන් රත්නායක 38, නවෝද් පරණවිතාන 30, ලෙවින් ගොන්ඩ්ස්වර්ත් 3/17.

සම්පූර්ණ ලිපිය: ජැක් හේන්ස්ගේ ඉනිම එංගලන්තයේ ගෞරවය රැකදෙයි


සාන්ත පීතර විද්‍යාලය 180/4 (60)

St. Peters v S. Thomas

සිංගර් අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ එක් තරගයක් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල අතර ඊයේ (30) පැවැත්වූයේ කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ දී ය.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 180 (පන්දුවාර 60): සන්තුෂ් ගුණතිලක 59, ශාලිත් ප්‍රනාන්දු 51*, ශැනෝන් ප්‍රනාන්දු 2/44, පවිත් රත්නායක 2/46

සම්පුර්ණ වාර්තාව: සන්තුෂ් හා ශාලිත්ගෙන් අර්ධ ශතක දෙකක්


ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Emerging XI Asia Cup 2017

ආසියානු මහද්වීපයේ නැගී එන කණ්ඩායම් 8ක් එකම කුසලානයක් වෙනුවෙන් සටන් වදින උණුසුම් එක්දින ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ තරඟ පැවැත්වුනු අවසන් දිනය ඊයේ ක්‍රියාත්මක විය. එහිදී මැලේසියානු කණ්ඩායම හමුවේ ලකුණු 205ක සුපිරි ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අනුව අවසන් පූර්ව වටයට පිවිසීමේ භාග්‍ය උදා විය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – කඩුලු 9ක් දැවී ලකුණු 311 (පන්දුවාර 50) සදීර සමරවික්‍රම 121, චරිත් අසලංක 78, ඇන්ජෙලෝ පෙරේරා 31, රොන් චන්ද්‍රගුප්ත 22, ඩෙරෙක් ඩුරයිසින්හම් 3/52, විරන්දීප් සින්ග් 3/56, අබ්දුල් රශීඩ් 2/67.

මැලේසියා නැගී එන කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 106 (පන්දුවාර 27.3) අමිනුද්දින් රම්ලි 29*, අහමඩ් ෆයිස් 22, සයිඩ් අසීස් 18, අමිල අෆොන්සු 5/31, වනිඳු හසරංග 3/26.

සම්පූර්ණ ලිපිය: සදීරගේ ශතකය ඔස්සේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

දිනයක අවසානය