“පළමු ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරණය අනුමත කරන්න බැහැ” – Mickey Arthur

403
 

එංගලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරණය අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා පුහුණුකරු Mickey Arthur පවසා සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා, එතරම් පෙර පුහුණුවීම්වත් සිදුකර නොතිබුනු එංගලන්ත කණ්ඩායම හමුවේ පළමුවෙන් පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් ලකුණු 135කට සියල්ලන් දැවී ගියා. පන්දු යැවීමෙන් ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් එතරම් සාර්ථක නොවූයේ එංගලන්තයට ප්‍රබල වාසියක් හිමිකර දෙමින්. 

දකුණු අප්‍රිකාවේ දීද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 157කට හා 211කට දැවී ගියේ දකුණු අප්‍රිකාවට කඩුලු 10ක ජයක් හා තරගාවලි ජය තරග 2-0ක් ලෙස හිමිකර දෙමින්.

“පළමු ඉනිම හරිම දුර්වලයි. ඒ පිතිකරණය අනුමත කරන්න පුළුවන් එකක් නෙවෙයි.” යයි Mickey Arthur පවසා තිබුනා. 

“මම නිදහසට කරුණු කියන්නේ නැහැ. අපි Wanderers හා Centurionහි ක්‍රීඩා කළ රිද්මයටම තමා ක්‍රීඩා කළේ. අපි උප මහාද්වීපයට ගැලපෙන්න අපේ පිතිකරණ රිද්මය වෙනස් කළේ නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරනවා කියන්නේ ඉවසීමෙන් ක්‍රීඩා කරනවා කියන එක, ඔබේ තාක්ෂණය විශ්වාස කරනවා කියන එක, තරග සැලැස්ම විශ්වාස කරනවා කියන එක.” 

Joe Rootගේ ද්විත්ව ශතකයෙන් බල ගැන්වුනු එංගලන්තය පළමු ඉනිමට ලකුණු 421ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලකුණු 359ක් රැස්කළේ කුසල් පෙරේරා, ලහිරු තිරිමාන්න හා ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ඉනිම් වල සවියෙනුයි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“අපි දෙවන ඉනිමේ දී හොඳින් ක්‍රීඩා කළා. මොකද පළමු දිනයේ අපි ක්‍රීඩා කළ විදිය හා අපි ක්‍රීඩා කළ යුතු විදිය වඩා හොඳ කරගන්නේ කොහොමද කියන එක ගැන අපි දිගු සාකච්චාවක් කළ නිසා. පිතිකරුවන් දෙවෙනි ඉනිමේ දී හොඳින් ප්‍රතිචාර දැක්වූවා, නමුත් ඔවුන් පරක්කු වැඩියි. අපිට පළමු ඉනිමේ දී 220ක් ගන්න පුළුවන් වුනා නම් අපිට තරගයේ ඉන්න තිබ්බා. එතනින් තමා අපි පැරදුනේ.” 

“මම තිරිමාන්න එක්ක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මම දැක්කේ ඉතා මහන්සි වෙලා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. බොහොම හොඳ තාක්ෂණයක් තිබෙන. අපි ඔහුව දකුණු අප්‍රිකාවට අරන් ගියේ අතිරේක පිතිකරුවෙක් විදියට. නමුත් ඔහු වේගපන්දුවට හොඳින් පහර දුන්නා. මම හිතනවා ඔහු Wanderersහි දී වේගපන්දු යවන්නන්ට හොඳින් පහර දුන්නා කියලා. අපිට අවශ්‍ය ඔහුගේ ලකුණු 30, ලකුණු 100ක් බවට පරිවර්තනය කරන්න. ඔහු ඔහුගේ වටිනාකම ඔට්ටු කළා. ඔහු ශතකයක් වාර්තා කරනවා දැකීම හරිම විශිෂ්ටයි. අවසන් මාස දෙකේ ඔහු මහන්සි වුන විදිහට ලැබුනු තෑග්ග තමයි ඒ. මම ආවාම සියලු ක්‍රීඩකයින්ට කිව්වා අපි ඉරක් අඳිනවා කියලා, අතීතය හා වර්තමානය වෙන් කරන්න. ඔවුන් ඉදිරියට කරන දේ තමයි මට වැදගත් වෙන්නේ. මම තිරිමාන්නගෙන් දැක්කේ ගොඩක් මහන්සි වෙන පිතිකරුවෙක්.” 

“අපි පිතිකරුවන් හොයනවා, විශේෂයෙන්ම පළමු ඉනිමේ ලොකු ලකුණු ගණනක් වාර්තා කරන්න පුළුවන් පිතිකරුවන්. අපි දන්නවා මෙහෙ තණතිලි වල පිතිකරණය පටන් ගන්න අමාරුයි. නමුත් ටික වෙලාවක් ගියාම ඔබට පුලුවන් ලකුණු ලබා ගන්න. Joe Root කළා වගේ. මම හිතනවා තිබුනු තත්වයන් යටතේ ඇන්ජලෝ මැතිව්ස් වාර්තා කළ ඉනිම විශේෂයි කියලා. ඔහුගේ රිද්මය, ඔහුගේ තරග සැලැස්ම. මම හිතුවා අපේ යොවුන් පිතිකරුවන් ඔහුගෙන් ඉගෙන ගන්න ඕනේ කියලා, දඟ කැවෙන තණතිලි වල පහර දෙන විදිය. අපිට ඕනේ ශතකයන්. ලහිරු මේ තරගයේ දී අපිට එක් ශතයක් ලබා දුන්නා, අපිට KJP හා ඇන්ජලෝ ලකුණු 60ක් වගේ ලබා දුන්නා. අපිට ඕනේ ඔවුන් ලොකු ලකුණු ගණනක් වාර්තා කරනවා බලන්න.” 

“මම හිතන්නේ කුසල් මෙන්ඩිස් අති විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේ දී ගොඩක් ලකුණු රැස් කරයි. ඔහු ලොකු පීඩනයක ඉන්නේ. අපි ගොඩක් කතා කළා, ඔහු මේ තරගය ක්‍රීඩා කිරීම ගැන. අපි හිතුවා දේශීය තත්වයන් වල ඔහුට පහසුවක් වෙයි කියලා. අපි ඉදිරි දින කිහිපයේ දී මේ ගැන කතා කරනවා.” 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<