ගෙවුනු දවස ජුලි 25 – ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

295

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 රග්බි – 
20න් පහල කණ්ඩායමේ පුහුණුකරු සුදත් සම්පත්

එලඹෙන 20න් පහල සත්සාමාජික රග්බි තරගාවලියට හිටපු ඉසිපතන විද්‍යාලීය නායකයෙකු සහ CR & FC ක්‍රීඩා සමාජයේ නායකයෙකු වන සුදත් සම්පත් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් වයස අවුරුදු 20න් පහල ජාතික කණ්ඩායමේ ප්‍ර‍ධාන පුහුණුකරු වශයෙන් තෝරාපත් කරගෙන ඇත.

රග්බි ක්‍රීඩාවේ ප්‍ර‍වීනයෙකුලෙස සුදත් හැදින්විය හැකි අතර මේවන විට ඔහු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරයි. ඔහු දෙවැනි ශ්‍රේණිය සුදුසුකම්ලත් අන්තර්ජාතික රග්බි පුහුණුකරුවෙකු සහ අධ්‍යාපනඥයෙකුද වේ. සුදත් මීට ප්‍ර‍ථමද ශ්‍රී ලාංකික රග්බි ක්‍රීඩාවට සිය උපදෙස් පිරිනැමු පුහුණුකරුවෙකු වන අතර මේ ඔහුට ලැබුනු 5වැනි පැවරුමයි.

අලුත පත්වු පුහුණුකරු ලෙස ඔහුට ඇති ප්‍ර‍මුඛතම වගකීම වන්නේ එලඹෙන සතියේ මැලේසියාවේදි පැවැත්වෙන 20න් පහල සත්සමාජික රග්බි තරගාවලිය වෙනුවෙන් ජාතික කණ්ඩායම සෑම අතකින්ම පුහුණු කර තරගාවලියේ හොද ස්ථානයක් ලබා ගැනීමයි.

එම රාජකිරියට අමතරව ශ්‍රී ලංකා සත්සමාජික කාන්තා කණ්ඩායමටත් ඔහු ප්‍රධානියා ලෙස කටයුතු කරයි. 20න් පහල සත්සමාජික තරගාවලිය මේ සතියේ 30 සහ 31 යන දිනයන්හි මැලේසියාවේ දි ආරම්භ වන අතර දෙවැනි අදියර අගෝස්තු 12 සහ 13 යන දිනයන්හි හොන්ග් කොන්ග් හිද පැවැත්වෙනු ඇත.

වැඩි විස්තර සදහා පිවිසෙන්න

 ක්‍රිකට් – 
බෙන් ඩකට් සහ ඩැනියෙල් බෙල් විශ්මිත පිහිරඹයක

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය, අති දැවැන්ත මෙන්ම අවමන් සහගත පරාජයකින් අවසන් විය. ඒ තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 140ක පරාජයක් උරුම කර ගනිමිනි.

ශ්‍රී ලංකා, එංගලන්ත සහ පාකිස්තානු A කණ්ඩායම් අතර සංවිධාන කෙරුණු තුන්කොන් එක්දින තරගාවලියේ 6වන සහ අවසන් තරගය ශ්‍රී ලංකා A සහ එංගලන්ත ලයන්ස් අතර පැවැත්වූයේ කැන්ටබරි හි ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගනයේදීය.

එංගලන්ත ලයන්ස් –  425/1 (50):  බෙන් ඩකට් – 220*, ඩැනියල් බෙල්-ඩ්‍රමන්ඩ් – 171*, රමිත රඹුක්වැල්ල – 1/83

ශ්‍රී ලංකා A  – සියල්ලන් දැවී – 285 (47.3):  ඇන්ජලෝ පෙරේරා – 69, නිරෝෂන් දික්වැල්ල –  60, තිසර පෙරේරා – 45, මහේල උඩවත්ත – 40, ජෝජ් ගාටන් – 4/43, ලියම් ඩෝසන් – 2/41, සකිබ් මහමූඩ් – 2/57

සම්පූර්ණ ලිපිය: දුර්වල සංචාරයට ලැජ්ජාසහගත අවසානයක්