ගෙවුනු දවස ජුලි 17 – වෙලඳ සේවා රග්බි ජය අැක්සස්ට

294
The Recap thePapare.com

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.


 රග්බි  

16 වසරකට පසුව ලද ජය

46වැනි වතාවටත් පැවැත්වු වෙලඳ සේවා සත් සමාජික රග්බි තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට අැක්සස් සමුහ ව්‍යාපාරය සමත් විය. අවසන් මහා තරගය ඊයේ (17) කොළඹ CR & FC ක්‍රීඩා පිටියේදි පැවති අතර අැක්සස් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුයේ ඩයලොග් අාසිඅාටා කණ්ඩායමයි.

තරගය 35-12 ලෙස අවසන් වූ අතර අැක්සස් කණ්ඩායම මෙවර ජයග්‍රහණය හිමි කර ගනු ලබන්නේ වසර 16කට පමණ පසු වීමද විශේෂත්වයකි. තරගයේ ප්‍රථම වටයේදි ඔවුන් ඩයලොග් කණ්ඩායම හමුවේ පරාජයට පත් විය.


 ක්‍රිකට්

කාන්තා 20-20, ගුවන් ක්‍රීඩිකාවන්ට

කොළඹ CCC ක්‍රීඩා පිටියේදි පැවති අවසන් මහා තරගයට යුද හමුදා කාන්තා A සමාජය සහ ගුවන් හමුදා කාන්තා A සමාජය සහභාගී වු අතර තරගය ලකුණු 75කින් ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදා සෙබලියන් සමත්විය.

ගුවන් හමුදා ක්‍රී.ස. කාන්තා A කණ්ඩායම –  108/6 (20): යශෝධා මෙන්ඩිස් – 36, දිලානි මනෝදරා – 24, ශ්‍රීපාලි වීරක්කොඩි – 16, ලක්මාලි මෙත්තානන්ද – 4/27 ෂෙරීනා රවිකුමාර් – 1/12

යුද හමුදා ක්‍රී.ස. කාන්තා A කණ්ඩායම – සියල්ලන් දැවී – 33 (10.5): නිපුනි හංසිකා – 08, සුදීපා අතුකෝරල – 5/09, අමා කාංචනා – 2/09, චමරි පොල්ගම්පොල – 1/04

සම්පූර්ණ ලිපිය: සුදීපාගේ මෙහෙයුමට යුද හමුදාව යටත් වෙයි

නායකකම මිලින්දට

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තුන් දින පුහුණු තරග වලදි ශ්‍රී ලංකා සභාපති කණ්ඩායමේ නායක ධුරයට, පිතිකරණයේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන තෝරාපත් කර අැත. තරගය අද (18) පි. සරා. ඔ්වල් ක්‍රීඩාංගණයේදි අාරම්භ වේ.

සංචිතය – මාධව වර්ණපුර, ඕෂධ ප්‍රනාන්දු, මනෝජ් සරත්චන්ද්‍ර, අසේල ගුණරත්න, ෂෙහාන් ජයසූරිය, මිලින්ද සිරිවර්ධන (C), දසුන් ශානක, චතුරංග ද සිල්වා, නිසල් තාරක, විමුක්ති පෙරේරා, දිල්හාර ප්‍රනාන්දු.


 පාපන්දු 

සෝන්ඩර්ස්, යුධ හමුදා සහ නාවික හමුදා සමාජවලට ජය

ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලානයේ තවත් තරග 5 ඊයේ පැවැත්විය.

එහිදි කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවති ජාවා ලේන් සහ සෝන්ඩර්ස් තරගයෙන් 04-02 ලෙස ජය ලබා ගැනීමට සෝන්ඩර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. පොලිස් ක්‍රීඩා පිටියේදි ගුවන් සහ පොලිස් ක්‍රීඩා සමාජ අතර පැවති තරගය 01-01 ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය. එලෙසම මාතර සහ සොලිඩ් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයද ජය පරාජයෙන් තොරව අවසන් විය.

වැලිසර නාවික හමුදා පිටියේදි පැවති තිහාරිය යූත් සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ අතර තරගයෙන් 01-00 ලෙස ජය වාර්තා කිරීමට නාවික සෙබලුන් සමත් විය. 02-00 ලෙස ජයතිලක ක්‍රීඩා පිටියේදි අප් කන්ට්‍රි ලයන්ස් පරදවා යුද හමුදාව ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.


 පැසිපන්දු 

ThePapare.com පැසිපන්දු ශූරතාවලියේ අවසන් දිනය

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සවිබලයෙන් ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වු පැසිපන්දු ශූරතාවලියේ බාලක ශූරතාව සාන්ත තෝමස් විද්‍යාලයටත්, බාලිකා ශූරතාවය යහපත් එඩේරාගේ කන්‍යාරාමයටත් හිමි විය.

එහිදි සාන්ත තෝමස් විදුහල 53-49 ලෙසින් සාන්ත ජෝසප් විදුහල පරාජය කරමින්ද, යහපත් එඩේරාගේ කන්‍යාරාමය ලකුණු 57-48 ලෙසින් නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විදුහලද පරාජය කිරීමට සමත් විය.

 අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට 


– පසුගිය සතියෙන් –

තියුණු තරගයක ජය ජෝසප් වාස් විදුහල

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ පාසල් වොලිබෝල් සංගමයත් එක්ව DSI සමාගමේ සවිබල ගැන්වීමෙන් පැවැත්වෙන 16වැනි DSI Super Sports පාසල් වොලිබෝල් ශූරතාවලියේ වසය අවුරුදු 16න් පහල සහ 18න් පහල වයස් කාණ්ඩයේ බාලක, බාලිකා අංශයන් හි අවසන් මහා තරග ඊයේ මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

එහිදි 16න් පහල බාලිකා අංශය නියෝජනය කරමින් තරග වැදුනු ගලිගමුව මධ්‍ය මහා විදුහල සහ අානමඩුව මහඋස්වැව රතනපාල මහා විද්‍යාලය අතරින් තරග වට 3-2 ලෙස ජයග්‍රහණය කිරීමට රතනපාල විද්‍යාලීය ක්‍රීඩිකාවෝ සමත් වුහ.

මාරවිල සාන්ත සේවියර් විදුහල සහ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය අතර 16න් පහල බාලක ශූරතාවය සඳහා පැවති තරගයෙන් තරග වට 3 – 1 ලෙස ජය වාර්තා කිරීමට සේවියර් විදුහල සමත් විය.

සම්පූර්ණ ලිපිය: වොලිබෝල් සැණකෙලියේ 18න් පහල ජය ජෝසප් වාස් විදුහලට


නායකත්වය නවීන්ට

හොං කොන්ග් නුවර මේ මස 23 සහ 24 වැනිදා පැවැත්වීමට නියමිත අාසියානු පාසල් සත් සමාජික රග්බි ශූරතාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායකයා ලෙස ශාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රිඩක නවීන් හේනකන්කානම්ගේ කටයුතු කරනු අැත.

60 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩකයින් අතරින් 21 දෙනෙකු මේවන විට තේරීම් කමිටුව විසින් තෝරාපත් කරගනු ලබන අතර අවසන් 12 දෙනාගේ නිළ සංචිත ජුලි මස 18වැනිදා ප්‍රකාශයට පත්කෙරෙනු අැත. කණ්ඩායමේ නිළ පුහුණුකරු ලෙස හිටපු CR & FC ක්‍රීඩක මොහොමඩ් මුස්තාක්  කටයුතු කරනු අැත.

ඉසිපතන ක්‍රීඩක සුමුදු රන්කොත්ගේ උපනායක ලෙස කටයුතු කරනු අැති අතර තෝරා ගත් 21 දෙනාගේ සංචිතයේ නිළ වාර්තාව ක්‍රීඩා අමාත්‍යතුමන්ගේ අනුමැතිය අැතිව හෙට නිවේදනය කරනු අැත.


ජනාධිපති කුසලානය ඉසිපතනයට

මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ අවසන් තරගය ඊයේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර කොළඹ තුරග තරග ක්‍රීඩා පිටියේ දි පැවති අතර ඉසිපතන විද්‍යාලය ජය කෙහෙලි නංවමින් තරගය නිමාවට පත්විය.

ප්‍රථම අර්ධය – ඉසිපතන විද්‍යාලය 19 : 07 රාජකීය විද්‍යාලය

අවසන් ලකුණු – ඉසිපතන විද්‍යාලය 47 (7T, 6C) : 12 (2T, 1C) රාජකීය විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – රැන්ඩි සිල්වා (ඉසිපතන විද්‍යාලය)

තරග තීරක – රොහාන් ෆර්නැන්ඩෝ

සම්පූර්ණ ලිපිය: 10වැනි වරටත් මයිලෝ ජනාධිපති කුසලානය ඉසිපතනයට