ගෙවුනු දවස ජුලි 13 – රග්බි මෞලි මංගල්‍යයේ කිරුල ඉසිපතනයට

546
Sri Lanka sports news last day summary july 13 b

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 රග්බි 

ජනාධිපති කුසලානය ඉසිපතනයට

මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ අවසන් තරගය ඊයේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර කොළඹ තුරග තරග ක්‍රීඩා පිටියේ දි පැවති අතර ඉසිපතන විද්‍යාලය ජය කෙහෙලි නංවමින් තරගය නිමාවට පත්විය.

ප්‍රථම අර්ධය ඉසිපතන විද්‍යාලය 19 : 07 රාජකීය විද්‍යාලය

අවසන් ලකුණු ඉසිපතන විද්‍යාලය 47 (7T, 6C) : 12 (2T, 1C) රාජකීය විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – රැන්ඩි සිල්වා (ඉසිපතන විද්‍යාලය)

තරග තීරක – රොහාන් ෆර්නැන්ඩෝ

තරගයේ සම්පූර්ණ ලිපිය සඳහා රැදි සිටින්න


 ක්‍රිකට් 

වොන් – මුරලි ගැටුමට පෙර

ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය විශාල අභියෝගයක් වුවත්, තම කණ්ඩායම ඊට හොඳින් සූදානම් වෙමින් සිටින බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරග සංචාරයේ ආරම්භයට පෙර දෙරටේ නායකයන් සහ පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මැතිව්ස් මේ අදහස් ප්‍රකාශ කලේය.

“අපිට ඒවා (මෙරට හිටපු ක්‍රීඩකයන් විදෙස් කණ්ඩායම් වල පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීම) පාලනය කරන්න බැරි දේවල්. ඒ අයගේ දායකත්වයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පුළුවන් උපරිමයෙන්ම තරගයට සූදානම් වෙනවා. නමුත් කණ්ඩායමක් වශයෙන් අපි මේ උප මහද්වීපික තත්ත්වයන් වල ක්‍රීඩා කරන්න අවශ්‍ය විදිහ දන්නවා”

සම්පූර්ණ ලිපිය: වෝන් – මුරලි කුසලානයේදී මුරලිගේ සහයත් ඔස්ට්‍රේලියාවට


සම්මු අශාන් ජයග්‍රාහී පිතිහරඹයක

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ගාමිණී දිසානායක අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (13) SSC පිටියේදී පැවති තෙවන තරුණ එක්දින තරඟය සම්මු අශාන් ගේ නොදැවුනු පිතිකරණය නිසා  කඩුලු 6 කින් තරඟය ජයග්‍රහණය කරමින් එක්දින තරුණ  තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

දකුණු අප්‍රිකානු 19 න් පහළ කණ්ඩායම – 195-9 (50) වියාන් මුල්ඩර්  59, වෑන් ටොන්ඩර් 37, වැන්ඩිල් මක්වෙට්ටු 26, දමිත සිල්වා 4/48, සම්මු අශාන් 3/38

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම – 199 -4 (45.5) සම්මු අශාන් 70*, ෂැනෝගීත් ශන්මුගනාදන් 41, අශේන් බණ්ඩාර 37*, වියාන් මුල්ඩර් 2/32, විලියම් සෙන්ඩින් 2/33

සම්පූර්ණ ලිපිය: සම්මුගේ දක්ෂ ඉණිමෙන් තරගාවලි ජය තරුණ සිංහයන්ට


පවන්ගෙන් නාවික හමුදාවට ශතකයක්

කොළඹ ක්‍රිකට් සමාජය, NCC සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය, දෙමළ සංගම් ක්‍රීඩා සමාජය, මීගමුව ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා යන සමාජයන් අද දිනයේ පැවති අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදි ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ අටවැනි දිනය ඊයේ පැවැත්විය.

 ලකුණු සටහන 

කොළඹ ක්‍රිකට් සමාජය – 259/9 (50): රොශාන් අනුරුද්ධ 59, රොන් චන්ද්‍රගුප්ත 55, ලහිරු ජයකොඩි 52, පූර්ණ අලුත්ගේ 3/61, නිමන්ත ගුණසිරි 2/24.

BRC සමාජය – 222 (46.3): නිපුන ගමගේ 50, පූර්ණ අලුත්ගේ 43*, ලසිත ලක්ෂාන් 42, උෂාන්ත සිලවා 2/30, උස්මාන් අයිෂක් 2/34, රොහාන් අනුරුද්ධ 2/35

NCC සමාජය – 265/7 (50): පවන් වික්‍රමසිංහ 100, ලහිරු උදාර 45, අනුක් ෆර්නැන්ඩො 42, ධනුශ්ක ෆර්නැන්ඩො 2/66.

නාවික හමුදා ක්‍රීඩා සමාජය – 235 (48): යොහාන් සොයිසා 83, තුෂාර සමරකෝන් 41, අනුක් ෆර්නැන්ඩො 3/47, ලසිත් අැඹුල්දෙණිය 2/41, අරවින්ද අකුරුගොඩ 2/43.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – 159 (41.5): යොහාන් ද සිල්වා 40, සචින් දිල්රංග 29, ඩිලාන් සුරවීර 3/28, තරින්දු ද සිල්වා 2/26, මලික් පීරීස් 2/43.

පොලිස් ක්‍රීඩා සමාජය – 108 (35.5): අසිංත මල්ෂාන් 29, යොහාන් ද සිල්වා 4/19, නලීන් පෙරේරා 2/17, සජික රිද්ම 2/33.

පානදුර ක්‍රීඩා සමාජය – 226 (47.4): ලහිරු සංජය 35, සජන් සුදර්ශණ 30, ඩෙවින් පද්මනාදන් 2/28, ඉෂාර ප්‍රශාන් 2/48, චාමික කරුණාරත්න 2/48.

දෙමළ සංගම් ක්‍රීඩා සමාජය – 227/3 (42.5): දිනුක් වික්‍රමසිංහ 52*, ඉසුරු බුද්ධික 50*, පබසර වඩුගේ 50.

මීගමුව ක්‍රිකට් සමාජය – 182/9 (50): සෙව්වන්ද සිලවා 48,ඩිනොන් ෆර්නැන්ඩො 40, තරින්දු කරුණාරත්න 4/39, මොහොමඩ් අක්‍රම් 2/24.

බ්ලූම්ෆීල්ඩ් සමාජය – 108 (38): තුලින ඩිල්ෂාන් 45, පසිදු ද සිල්වා 4/24, නිෂාන් පීරීස් 2/21.

මූවර්ස් ක්‍රීඩා සමාජය – 191 (46.3): ශනුක දුලාජ් 75, ඉර්ෂාඩ් උමාර් 34, නිමේශ් මෙන්ඩිස් 4/21.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 192/6 (40): උදයවංශ පරාක්‍රම 103, ශෂික උදාර 32, අමිත කෞෂල්‍ය 3/34.

සම්පූර්ණ ලිපිය සඳහා රැදි සිටින්න

දවසේ නිමාව