කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
මහනුවර ඉදිරියේ හැව්ලොක් දන ගහයි
ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අවසන් තරග ද්විත්ව ඊයේ පැවතියේ හැව්ලොක් සහ යුධ හමුදාවේ සත්කාරකත්වය යටතේයි. කෙසේ නමුත් තරග ද්විත්වය ඒ ඒ කණ්ඩායම් වලට සුවිශේෂී එකක් වූ අතර මහනුවර කණ්ඩායම සහ හැව්ලොක් කණ්ඩායම අතර පැවති තරගයෙන් 26-11ක් ලෙස මහනුවර කණ්ඩායම ජයග්‍රහණය කරන විය අනෙක් තරගය නිමාව දුටුවේ 27-21ක් ලෙස පොලීසියට ජය හිමිකර දෙමිනි.
සවිස්තර තරග වාර්තාව: මහනුවර හමුවේ හැව්ලොක් දන නමයි; යුධ හමුදාවට පොලිසියෙන් තෑග්ගක්
සංජුල අබේවික්‍රමගෙන් ශතකයක්

කොළඹ සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 235/9 dec (65): විනුල් ගුණවර්ධන 81, ලක්ෂාන් රොද්‍රිගෝ 73, අභිෂේක් පෙරේරා 3/38, මනුල පෙරේරා 3/68
කොළඹ රාජකීය විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 247 (65.2): හිමේශ් රාමනායක 117, රොනුක ජයවර්ධන 55, පසිදු සූරියබණ්ඩාර 31, හේලිත විතානගේ 30, චතුර ඔබේසේකර 3/31, සන්තුෂ් ගුණතිලක 3/49,
කොළඹ සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉනිම – 203/3 dec (38): සන්තුෂ් ගුණතිලක 103*, ලක්ෂාන් රොද්‍රිගෝ 55*, විනුල් ගුණවර්ධන 30, මොහොමඩ් අමීන් 3/10, මනුල පෙරේරා 2/75
කොළඹ රාජකීය විද්‍යාලය දෙවන ඉණිම – 94/3 (13): පසිදු සූරියබණ්ඩාර 52*, රොනුක ජයවර්ධන 23
කොළඹ ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 317/7 (93): සංජුල අබේවික්‍රම 115, සංජුල බණ්ඩාර 61, ලෙශාන් අමරසිංහ 51*, හර්ෂ රත්නායක 31
සම්පූර්ණ ලකුණු සටහන: හිමේශ් රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ගෙන එයි
මිලින්ද සිරිවර්ධන 61*
ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තවත් තරග 7ක් ඊයේ (5) ආරම්භ විය. එහි දී සුපිරි 8 වටය නියෝජනය කරමින් සිව්දින තරග 4ක් ද, මුල් වටයේ තෙදින තරග 3ක් ද ක්‍රියාත්මක විය. එහි දී රුමේෂ් බුද්ධික ලකුණු 133ක් සමඟින් ලබාගත් ශතකය BRC කණ්ඩායමේ පළමු ඉනිම සඳහා විශාල ශක්තියක් විය.
BRC කණ්ඩායම පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) 348/8 (90): රුමේෂ් බුද්ධික 133, හර්ෂ විතාන 61, ලිසුල ලක්ෂාන් 41, රාමනායක 39*, දිලීශ ගුණරත්න 3/71, දුවිදු තිලකරත්න 3/83
බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 207 (56): සචා ද අල්විස් 35, ලහිරු ජයකොඩි 34, නිපුන් කරුණානායක 34, සුරාජ් රන්දිව් 5/64, කසුන් රාජිත 3/71
සැරසන්ස් ක්‍රීඩා සමාජය (පළමු දිනය අවසානයේ) – 169/3 (34): මිලින්ද සිරිවර්ධන 61*, ගිහාන් කුරේ 47*, මලිත් ද සිල්වා 3/38
සම්පූර්ණ ලකුණු සටහන: හයේ වරුසාවකින් රුමේෂ් BRC ඉනිමට ශක්තියක් වෙයි
සුරංගගෙන් විශිෂ්ට දස්කම්

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 274 (පන්දුවාර 20): සුරංග සම්පත් 111*, රුවන් වසන්ත 76, රුවන් කරුණාතිලක 33, කවිඳු කුමාර 32*, සුනිල් මගර් 0/51
නේපාල දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී ලකුණු 143 (පන්දුවාර 20): සුනිල් මගර් 38, ක්‍රිටාන් දූවල් 37, පාදම් බදිලා 23*, චන්දන සූරියආරච්චි 1/09, මදුසංක විශ්වනාත් 1/14
සම්පූර්ණ වාර්තාව: ජයග්‍රහණය ශ්‍රී ලංකාවට; සුරංග සම්පත් අංක එකට
ශ්‍රී ලංකා යොවුන් පිළ 228/9
මාසයක පමණ කාලයක් පැවති දකුණු අප්‍රිකානු සංචාරය නිමා කරමින් ඊයේ (05) පැවැත්වුණු තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකාව සමගින් පැවති එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස නිමාවට පත්විය.
ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 228 (පන්දුවාර 50): හසිත බෝයගොඩ 77, විශ්ව චතුරංග 41, පැතුම් නිස්සංක 24, ක්‍රිෂාන් සංජුල 23, ලූතෝ සිපම්ලා 3/38, මයිකල් කොහෙන් 2/42, කෙනාන් ස්මිත් 1/23.
දකුණු අප්‍රිකානු යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 75 (පන්දුවාර 40.1): කෙනාන් ස්මිත් 17, ලූතෝ සිපම්ලා 14, නිපුන් රංසික 4/24, මනෙල්කාර් ද සිල්වා 2/6, ප්‍රවීන් ජයවික්‍රම 2/16.
සම්පූර්ණ වාර්තාව: අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකා යෞවනයින්ට විශිෂ්ට ජයක්
මැතිව්ස්ට ඕස්ට්‍රේලියාව අහිමි වේ

සවිස්තර වාර්තාව: මැතිව්ස්ට ඕස්ට්‍රේලියානු විස්සයි 20 තරගාවලිය මඟ හැරේ
























