ජයග්‍රහණය ශ්‍රී ලංකාවට; සුරංග සම්පත් අංක එකට

1157
Sri Lanka Blind Cricket

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා නේපාල දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර තරගය අද (5) පූනේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම ලකුණු 131ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව දෙවන වරටත් පරාජය වේ

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර ඊයේ (4) සර්දාර් පටෙල් ක්‍රීඩාංගනයේදි පැවැති තරගයෙන් ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායමට කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවිය.කා දෘශ්‍යාබාධිත කණ්ඩායම…

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම සුපුරුදු ලෙසින් කාසියේ වාසිය තමන් සතු කර ගත් අතර ඔවුන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මෙම තරගාවලිය පුරාවටම ආරම්භ කඩුල්ලේ සබඳතාවය සාර්ථක කර ගත් සුරංග සම්පත් හා රුවන් වසන්ත, මෙම තරගයේ දී ද, එම වගකීම නිසියාකාරව සම්පූර්ණ කරමින් ලකුණු 176ක සබඳතාවයක් පළමු කඩුල්ල සඳහා ගොඩනඟන ලදි. එම සබඳතාවය අවසන් වූයේ මෙම තරගාවලිය පුරාවට පිත්තෙන් පෙරළිකාර දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකු වන සුරංග සම්පත් විඩාවට පත්වීම නිසා පිටියෙන් ඉවත්ව ගිය නිසා වෙනි. ඒ වන විටත් සුරංග පන්දු 48කට මුහුණ දී 4 පහර 19ක් හා විශිෂ්ට 6 පහරක් සමඟ ලකුණු 111ක් ලබා ගන්නේ දැනට මෙම තරගාවලියේ පිතිකරණ අංශයේ ප්‍රථමයා ද බවට පත්වෙමිනි.

රුවන් වසන්ත 4 පහර 8ක් සමඟින් ලකුණු 76ක් ලබාගෙන අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යන්නේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 222ක් ලෙස සටහන් වන විටයි. මැදපෙළ පිතිකරණය සවිමත් කරමින් නේපාල පන්දු යවන්නන්ට හිසරදයක් වූ රුවන් කරුණාතිලක පන්දු 18කදී 4 පහර 5ක් එල්ල කරමින් ලකුණු 33ක් ලබා ගන්නා ලදි.

ලකුණු 275ක අභියෝගාත්මක හඹායෑමකට අවතීර්ණ වූ නේපාල කණ්ඩායමේ මුල් කඩුලු 2ක ලකුණු 15කට දවාලූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ පීඩනය සම්පූර්ණයෙන්ම නේපාල පිතිකරුවන් වෙත යොමු කලහ.

තෙවන කඩුල්ල සඳහා පිටියේ එක් වූ සුනිල් මගර් හා ක්‍රිටාන් දූවල් ලකුණු 60ක  සබඳතාවයක් එක් කරන්නේ සාර්ථක අඩිතාලමක් යොදනු පිණිස වුවද, 4 පහර 4ක් සමඟ ලකුණු 38ක් ලබාගෙන සිටි මගර්ගේ දැවී යාමත් සමඟින් එම අඩිතාලමේ දෙදරීම සිදු විය. අනතුරුව සාර්ථක සබඳතාවයකට පිටියේ ස්ථාවර වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාව නොදුන් අතර, අවසානයේ එක් අන්තයක තනි වූ ක්‍රිටාන් දූවල් නොදැවී ලකුණු 37*ක් ලබා ගන්නේ 4 පහර 2ක් සමඟිනි. අවසානයේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 131ක ජයග්‍රහණයක් හිමි විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම වෙනුවෙන් චන්දන සූරියආරච්චි ලකුණු 9කට එක් කඩුල්ලක් දවාලූ අතර, මදුසංක විශ්වනාත් ද එක් කඩුල්ලක් දවා ගන්නා ලදි.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 274 (පන්දුවාර 20): සුරංග සම්පත් 111*, රුවන් වසන්ත 76, රුවන් කරුණාතිලක 33, කවිඳු කුමාර 32*, සුනිල් මගර් 0/51

නේපාල දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී ලකුණු 143 (පන්දුවාර 20): සුනිල් මගර් 38, ක්‍රිටාන් දූවල් 37, පාදම් බදිලා 23*, චන්දන සූරියආරච්චි 1/09, මදුසංක විශ්වනාත් 1/14

සුරංග සම්පත් මෙම තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලාභියා ව සිටින අතර, ඔහු ශතක 4ක් ද සමඟින් තරග 6ක දී ලකුණු 579ක් ලබාගෙන පෙරමුණේ පසු වෙන්නේ ලකුණු 205ක පමණ දැවැන්ත ප්‍රහාරාත්මක වේගයක් ද රඳවා තබාගෙනයි.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම සහභාගි වන මීළඟ තීරණාත්මක තරගය හෙට (6) ඕස්ට්‍රේලියානු දෘශ්‍යාබාධිත කණ්ඩායම සමඟින් කෝචි හි රාජාගිරි පාසල් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට