කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
බංගලාදේශය සමඟ සටනට හතුරුගෙන් මූලික සංචිතයක්

තවද මෙහි නම් ඇතුළත් ක්‍රීඩකයින් හට මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන අතර නියමිත සංචිතය තෝරාගත් පසු ඉතිරි වන අනෙකුත් ක්‍රීඩකයින් හට නැවතත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් දේශීය ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට හැකිය.
සම්පූර්ණ සංචිතය: හතුරු කලින්ම වැඩ අල්ලයි
ලංකන් සමාජයට පූර්ණ ජයක්

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 349/10 (70): චානක රුවන්සිරි 120*, මදුරංග සොයිසා 74, ලක්ෂාන් රොද්‍රිගෝ 53, ගීත කුමාර 43, ලක්ෂාන් ප්‍රනාන්දු 3/69, බුද්ධික සඳරුවන් 3/81.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 192/10 (45.5): උදයවංශ පරාක්‍රම 45, ලක්ෂාන් ප්‍රනාන්දු 33, දිනුක මාලන් 4/54, ගීත් කුමාර 2/01, රජිව වීරසිංහ 2//12.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම F/O – 320/10 (75.1): උදයවංශ පරාක්‍රම 101, කසුන් අබේරත්න 64, ලක්ශාන් ප්‍රනාන්දු52, රාජු ගයශාන් 30, නවීන් කවිකාර 3/80
ලංකන් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම – 166/3 (33.5): මදුරංග සොයිසා 69*, චානක රුවන්සිරි 33*.
තරග සියල්ලේම වාර්තාව: පූර්ණ ජයක් හා පළමු ඉනිමේ ජයග්‍රහණ වලින් සතිය නිමා වෙයි
කෞෂාල් සිල්වා නැවතත් දස්කම් අතරට

ඒ දිමුත් කරුණාරත්න සමඟ එක්වී SSC පළමු කඩුල්ල වෙනුවෙන් අති දැවැන්ත සබඳතාවයක් ගොඩ නංවමිනි. මීට අමතරව සචිත්‍ර සේනානායක ඉනිමක කඩුලු 7ක් බිඳ දමමින් නැවතත් තම රිද්මය සොයා ගත්තේය.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 83.4): ලහිරු ජයකොඩි 86, ලහිරු සමරකෝන් 34, නිපුන් හග්ගල්ල 25, අදීශ නානායක්කාර 23, සචිත්‍ර සේනානායක 7/82, කසුන් මධුශංක 2/43.
සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 388 (පන්දුවාර 85): දිමුත් කරුණාරත්න 143, කෞෂාල් සිල්වා 175*, ශම්මු අශාන් 46*, නිපුන් කරුණානායක 2/59.
තරග සියල්ලේම වාර්තාව: කෞෂාල් සිල්වාගෙන් කලකට පසු නොදැවුණු යෝධ ඉනිමක්!





















