කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
නව සූත්‍රයක් සමඟින් හතුරු වැඩට

මාධ්‍ය සාකච්ඡාවේ කාගේත් අවධානය දිනා ගත් පුද්ගලයා වූ නව ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ මහතා මාධ්‍ය අමතමින් පවසා සිටියේ සිය උපන් රටට සිය දායකත්වය දැක්වීමට හැකි වීම පිළිබදව එතුමන් සතුටට පත්වන බව මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් සිය සුපුරුදු දස්කම් වෙතට පැමිණෙනු ඇතැයි ඔහු එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත් එය දිනකින් දෙකකින් සිදුනොවන්නක් බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් ඔහු එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්පූර්ණ වාර්තාව: “ඔවුන් දන්නවා මගේ වැඩ” – හතුරුසිංහ
100 වැනි තරගයේ දී අන්ත පරාජයක්

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පැවති ඉන්දු – ශ්‍රී ලංකා පළමු පන්දුවාර 20 තරගය වූ මෙයින් ලකුණු 93ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයන් සමත් විය. මේ අනුව ශ්‍රී ලංකාවේ 100 වන පන්දුවාර 20 ක්‍රිකට් තරගය ඉතිහාසයට එක්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම එතෙක් මෙතෙක් ලද දැවැන්තම පන්දුවාර 20 තරග පරාජය ලෙසයි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවේ 100 වන T-20 තරගයට ඉන්දියාවෙන් සාදයක්





















