Sri Lanka Sports News last day summary December 14th Sri Lanka Sports News last day summary December 14th

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

රග්බි –

ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

වත්මන් රග්බි ඒෂියාඩ් 19න් පහල ශූරයන් වන හොංකොං කණ්ඩායම, ශ්‍රී ලංකා කනිෂ්ඨ රග්බි කණ්ඩායම සෝදාපාළුවට ලක්කරමින් 61-00ක් ලෙස පළමු තරඟය ජයග්‍රහණය කරන්නට සමත් විය. තරඟය මැලේසියාවේ UPM ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ඉදිරියට යාමේ සියළු අවස්ථාවන් වළක්වා ගනු ලැබීමෙන් සහ තරඟ විනය නොමැතිකමින් එකදු ලකුණක් හෝ ලබාගැනීමට නොහැකිව පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදුවිය. තරඟයේ සියළු අංශවලින් පරිපූර්ණව සිටි හොංකොං කනිෂ්ඨයන් මුල සිටම සිය අණසක පතුරාලන්නට සමත් විය.

පළමු අර්ධය – හොංකොං 27-00 ශ්‍රී ලංකාව.

අවසන් ලකුණු තත්වය – හොංකොං 61-00 ශ්‍රී ලංකාව

ThePapare.com තරඟයේ වීරයා – ඔලිවර් ඕවර්මන් (හොංකොං)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන් – (හොංකොං) ඔලිවර් ඕවර්මන් 3T, මාකස් රැමේජ් 2T, කැමරූන් ස්මිත් 1T, මැතිව් වෝලි 1T 4C 3P, ජේම්ස් කාටන් 1T, මාක් කෝබර්ග් 2C.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකාවට හොංකොං හමුවේ දැවැන්ත පරාජයක්!


ක්‍රිකට් –

සැරසන්ස් පිලෙන් දැඩි අභියෝගයක්

දේශීය ක්‍රිකට් පිටියේ තරු එකිනෙක ගැටෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය ඊයේ (14) ආරම්භ විය. එහිදී මුල් දිනයේ වැඩි වාසිය තමන් සතුකර ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයින් සමත් විය.

ප්‍රථම දිනය තුලදී තමන් අපේක්ෂා කලාටත් වඩා හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කිරීමට හැකි වීම නිසා සැරසන්ස් ක්‍රීඩකයින් මේ වන විටත් ධනාත්මක ආකල්පයක සිටින බැවින් තරගය තමා කෙරෙන් ගිලිහෙන්නට නොදී තබා ගැනීමට නම් රාගම පිතිකරුවන්ට අද දිනයේදී ඉතාමත් හොඳින් පිතිකරණයේ යෙදීමට සිදුවේ.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 370 (පන්දුවාර 90): සංගීත් කුරේ 189, කෞෂල්‍ය ගජසිංහ 99, ඉරෝෂ් සමරසූරිය 28, මිලින්ද සිරිවර්ධන 22, හර්ෂ කුරේ 11, තිලක්ෂ සුමනසිරි 3/33, අමිල අපොන්සු 3/79.

සම්පූර්ණ ලිපිය: සංගීත්ගේ දැවැන්ත ඉනිම නිසා සැරසන්ස් ජය මාවතට

දිනයක නිමාව