කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
වේගපන්දුවට අලුත් කෙනෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකාර ධූරය දැරූ චම්පක රාමනායක එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මේ වන විට පැවැත්වෙන සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ තරගාවලියට පෙර වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කරන ලදි. ඒ අනුව ඔහු වෙනුවට නව වේගපන්දු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායකව පත්කර ඇත.
චම්පක රාමනායක මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම සමඟ වසර දෙකක් සඳහා ගිවිසුම් ගතවී ඇති අතර රුමේෂ් රත්නායකගේ පත්වීමත් සමඟ චමින්ද වාස් නැවතත් වයස අවුරුදු 19න් පහළ සංවර්ධන අංශයේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්වනු ඇත.
සම්පූර්ණ වාර්තාව: වේගපන්දු පුහුණුකරු ධූරය රුමේෂ් රත්නායකට
තෙවන තරගයට හේරා නැහැ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනක්ම තරගාවලිය ආරම්භයේ සිටම ආබාධවල ගොදුරක් බවට පත්වූ අතර තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න (මහපටැඟිල්ල බිඳීමකට ලක්වීම), සුරංග ලක්මාල් (කොන්දේ ආබාධයක්), නුවන් ප්‍රදීප් (පාදයේ ආබාධයක්) යන ක්‍රීඩකයින් ආබාධවලට ලක්විය. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායක දිනේෂ් චන්දිමාල්ට ද නියුමෝනියාව වැළඳීම හේතුවෙන් තරගාවලියේ පළමු තරගය අහිමි විය.
සම්පූර්ණ වාර්තාව: තෙවන ටෙස්ට් තරගයේ රංගනගේ ඉරණම?






















