ගෙවුනු දවස අගෝස්තු 23 – අාසියානු රග්බි කිරුලේ අවසන් වටය

270

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට්

ලහිරුගේ විශිෂ්ට පිතිහරඹය

කැරබෝ මොගොට්සි ගේ විශිෂ්ට ඉණිමක් සමගින් ඇරඹුණු දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර දෙවන සිව්දින තරගයේ තෙවන දිනය පිටෝරියා හිදී ඊයේ (23) නිමාවට පත්වූයේ, ලහිරු මිලන්ත විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ බලාපොරොත්තුවක් ද ඉතිරි කරමිනි. තෙවන දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 467ක් ලබාගැනීමට සමත් විය.

තෙවන දිනය නිමාවන විට,

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම – 467-07 (119) ලහිරු මිලන්ත 196, සඳුන් වීරක්කොඩි 78, හශාන් දුමිදු 49, නිමන්ත ප්‍රනාන්දු 36*, මුබුලෙලෝ බුඩ්සා 3/77

සම්පූර්ණ ලිපිය: ලහිරුට අහිමිව ගිය ලකුණු හතර


අැන්ජලෝට කැඳවීමක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත 2වැනි එක්දින තරගය සදහා ආබාධයකට ලක්ව සිටින නුවන් ප්‍ර‍දීප් වෙනුවට මැද පෙල ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ පෙරේරා සංචිතයට කැදවීමට තේරීම් කමිටුව විසින් තීරණය කර ඇත.

ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය සැපයු 26 හැවිරිදි ඇන්ජලෝ පෙරේරා අවසන් වරට 2014 වර්ෂයේදි බංගලාදේශයට එරෙහිව තරග වැදුනු අතර ඔහු මේ වන විට එක්දින තරග ත්‍රිත්වයකටත්, විස්සයි විස්ස තරග ද්විත්වයකටත් සිය දායකත්වය සපයා ඇති අතර එක්දින තරග එකකදි පමණක් පිත්තෙන් සිය දස්කම් දැක්වීමට සමත් විය.

සම්පූර්ණ ලිපිය: ඇන්ජලෝ පෙරේරා එක්දින පිටියට


සංවර්ධන කණ්ඩායමට චරිත් අසලංක

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල ක්‍රීකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක, එලඹෙන ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය සදහා නම් කර ඇත.

රුමේෂ් බුද්ධිකගේ මෙහෙයවීම යටතේ මේ දිනවලදි ප්‍රිටෝරියා හිදි පැවැත්වෙන ශ්‍රී ලංකා සංවර්ධන සහ දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම් අතර දෙවැනි සිවුවැනි තරගයෙන් පසුව සිම්බාබ්වේ හිදි ඉරිදා පැවැත්වීමට නියමිත එක් සිව්දින තරගයක් සහ සැප්තැම්බර් 3, 4,5 සහ 7 යන දිනයන්හි පැවැත්වෙන එක්දින තරග 4ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වනු අැත.


රග්බි

අලුත් 3ක් අාසියානු රග්බි කිරුලට

අාසියානු පාසල් වයස අවුරුදු 18න් පහල සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් වටයේ තරගයන් මෙම සති අන්තයේ තායිවානයේ ලියෝඩොන් ක්‍රීඩා පිටියේ දි පැවැත්වීමට නියමිතයි.

හොන්ග් කොන්ග් හිදි මීට මාසයකට පමණ ඉහතදි පලිහ ශූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන වටයේ අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ThePapare.com සමඟ සිය අදහස් දැක්වු ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති වන මයිකල් ජයසේකර ප්‍රකාශ කර සිටියේ “අාබාධයන් වලට ලක්වුනු ක්‍රීඩකයින් තුන් දෙනෙක් කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් හි දක්ෂතාවයන් විඳහා දැක්වූ ක්‍රීඩකයින් තිදෙනෙක් සංචිතයට අලුතින් සම්බන්ධ කරගෙන තිබෙනවා. ඉතිං මට විශ්වාසයි අලුත් ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් මේ තරගය සඳහා ප්‍රමාණවත් වන වා කියා මෙන්ම ඔවුන් ජාත්‍යන්තර ජය ගනිවී”.

සංචිතය:

  • නවීන් හේනකන්කානම්ගේ (නායක) – ශාන්ත තෝමස් විද්‍යාලය
  • තීක්ෂණ දසනායක – ශාන්ත පීතර විද්‍යාලය
  • ගැමුණු චේතිය – ශාන්ත ජෝසප් විද්‍යාලය
  • චතුර සෙනෙවිරත්න – ශාන්ත ජෝසප් විද්‍යාලය
  • හරිත් බණ්ඩාර – ඉසිපතන විද්‍යාලය
  • දිලුක්ෂ දංගේත්‍රිත්ව විද්‍යාලය
  • අනුක් බෝයගොඩ – ත්‍රිත්ව විද්‍යාලය
  • ජනිදු ඩිල්ෂාන් – කොළඹ රාජකීය විදුහල
  • චමෝද් ප්‍රනාන්දු – ඉසිපතන විද්‍යාලය
  • විනුල් ප්‍රනාන්දු – ශාන්ත ජෝසප් විද්‍යාලය
  • දිනුක් අමරසිංහ – ශාන්ත අන්තෝනි විද්‍යාලය
  • අවිශ්ක ශෙයික්ත්‍රිත්ව විද්‍යාලය

දවසේ නිමාව