ගෙවුනු දවස අගෝස්තු 19 – අලුත් මුහුණු කිහිපයක්

257
Sri Lanka Sports News

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  ක්‍රිකට්  

එක්දින තරගවලට සූදානම්

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කල 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට, එංගලන්ත තරග සංචාරයට සහභාගී නොවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම කැඳවා තිබේ. තුන් ඉරියව් ක්‍රීඩකයන් වන මිලින්ද සිරිවර්ධන සහ තිසර පෙරේරාද ඒ අතරට අයත්.

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා , මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, දිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, සුරංග‍ ලක්මාල්, ලක්ෂාන් සඳකැන්, අමිල අපොන්සු, අවිශ්ක ප්‍රනාන්දු

සම්පූර්ණ ලිපිය: තිසර, ඩිල්ශාන්, දිල්රුවන් සහ මිලින්ද නැවතත් පිටියට


ඩී. එස්. පරදා අානන්දය පෙරට

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟයක් ඊයේ (19) වත්තල ලයිසියම් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී, කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර පැවැත්විණි. මෙම තරඟයෙන් ආනන්ද විද්‍යාලය ලකුණු 85ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

ලකුණු සටහන

ආනන්ද විද්‍යාලීය A කණ්ඩායම – 242-9 (50) දුශාන් හෙට්ටිගේ 88, ශමල් හිරුෂාන් 48,ලහිරු හිරන්‍ය 22 , මුදිත ලක්ෂාන් 3/38

ඩී. එස්. සේනානායක විද්‍යාලීය A කණ්ඩායම – 157-10 (44.4) මුදිත ලක්ෂාන් 55, දසුන් දිමාශ 26, දිමන්ත කෞෂල්‍ය 24, ඉදුවර රණතුංග 22, අසේල සිගේරා 3/15, ශමල් හිරුෂාන් 2/2, සනත් දසනායක 2/26

සම්පූර්ණ ලිපිය: ආනන්දය, ඩී.එස් අභිබවයි

දවසේ නිමාව