කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
අශ්වින් ඉදිරියට

නමුත් ශ්‍රී ලංකාවට ලකුණු 304ක දැවැන්ත පරාජයක් සමඟින් පළමු ටෙස්ට් තරගය අවසන් වූ අතර එහි ඉනිම දෙකේ දී ම ජඩේජා විසින් දවා ගත් කඩුලු ගණන 6කි. රංගන විසින් තරගය තුළ දී දවා ගන්නා ලද්දේ එක් කඩුල්ලක් පමණි. අශ්වින්ට කඩුලු 4ක් හිමි විය.
ඒත් සමඟින් රංගන පසුකොට ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට පැමිණෙන්නට අශ්වින් සමත්වූ අතර ජඩේජාගේ ස්ථානය නොවෙනස්ව පවතී. පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ චේතේශ්වර් පුජාරා පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ සිව්වැනි ස්ථානයට පත්ව තිබේ. ඔහුට ඉදිරියෙන් සිටින තිදෙනාම සුදු ජාතිකයන් වන අතර පළමු ස්ථානය ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ටත්, දෙවන ස්ථානය එංගලන්තයේ ජෝ රූට් හටත්, තෙවන ස්ථානය නවසීලන්තයේ කේන් විලියම්සන් හටත් අත්ව ඇත.
සම්පූර්ණ වාර්තාව: රංගන පසුකොට අශ්වින් ඉහළට
තව දෙන්නෙක් සංචිතයට

අසේල ගුණරත්නගේ මහපටැඟිල්ල බිඳීමකට ලක්වීම හේතුවෙන් ඔහුට මාස දෙකක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වන අතර පළමු තරගයේ දෙවැනි ඉනිම අතරතුර පන්දු රැකීමේ දී සිය වම් අතේ මැදැඟිල්ල ආබාධයකට ලක්වීම හේතුවෙන් රංගන හේරත් ද දෙවන තරගය ක්‍රීඩා කරනවා ද යන්න තවම නිශ්චිත නැත.
සම්පූර්ණ වාර්තාව; තිරිමාන්න සහ සඳකැන් ටෙස්ට් සංචිතයට
ශූරතාවය මධ්‍යම පළාතට

මධ්‍යම පළාත පළමු ඉනිම – සියල්ලන්ම දැවී 293 (76): නිමේෂ ගුණසිංහ 80, නුවනිදු ප්‍රනාන්දු 76, ලහිරු සමරකෝන් 38, ලක්ෂාන් ප්‍රනාන්දු 35, රවීන් සේයර් 32, බිනුර ප්‍රනාන්දු 4/39, දුවිඳු තිලකරත්න 4/98.
බස්නාහිර පළාත් උතුරු පළමු ඉනිම – 176/10 (45.2): සම්මු අශාන් 33, සහන් ආරච්චිගේ 32, චරණ නානායක්කාර 32, බිනුර ප්‍රනාන්දු 24, මොහොමඩ් ශිරාස් 4/45, චරිත් සුදාරක 2/18.
බස්නාහිර පළාත් උතුරු දෙවන ඉනිම F/O – 208/4 (51.2): සාලින්ද උශාන් 87, සම්මු අශාන් 60, පැතුම් නිස්සංක 25, වනිඳු හසරංග 2/42.
සම්පූර්ණ වාර්තාව: පළමු ඉනිමේ ජයක් සමඟින් ශූරතාවය මධ්‍යම පළාතට











