ජෙහාන්, විශාද් සහ ධනංජයගෙන් කෝල්ට්ස් වෙනුවෙන් අර්ධ ශතක

106

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major Emerging ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දෙවැනි දිනයේ (25) කැපී පෙණෙන දක්ෂතා දැක්වීමට කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ ජෙහාන් ඩැනියෙල්, විශාද් රන්දික සහ ධනංජය ලක්ෂාන් සමත් වූහ.

නිපුන්ලා සමඟ එක්වූ අංජු මේරියන්ස්ලා පාලනය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major Emerging ක්‍රිකට් තරගාවලියේ, කොළඹ ආර්. ප්‍රේමදාස…

ඊයේ (24) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම අවසාන මහා තරගය කොළඹ, හැව්ලොක් ටවුන් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර පැවැත්වේ.

කාසියේ වාසිය දිනා ගත් කෝල්ට්ස් නායකයා විසින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව හලාවත මේරියන්ස් කණ්ඩායම සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට තම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 143ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 77ක් ලබා සිටි අතර තරගය අද, දෙවැනි දිනයට නතර කරද්දී කඩුලු 3ක් දැවී ලකුණු 250ක් ලබා සිටියහ.

අද ඔවුන් පිටියට පිවිසියේ සියලු වාසි තමන් සන්තක කර ගනිමිනි. ඊට හේතු වූයේ ඔවුන්ට පළමු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලබා ගත යුතුව තිබුණේ ලකුණු 67ක් පමණක් වීම ය. එහෙත් ආරම්භය සිතූ ලෙසින් පහසු වූයේ නැත. දිනයේ පළමු කඩුල්ල ලෙසින් සංතුශ් ගුණතිලක ලකුණු 21ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ ඔහුට අද දවසේ දී ලකුණු 2ක් පමණක් ලබා දෙමිනි.

මාලිංගගේ කණ්ඩායම ශූරයන් වෙද්දී තිසර තුන්වැනි තැනට

අබුඩාබි T10 තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (24) අබුඩාබි හිදී නිමා වූ අතර එහි දී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම…

එහෙත් ඒ ගත් ගැම්ම දිගින් දිගටම පවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි වූහ. වඩාත් පරිණත ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා ගනිමින් තරගයේ වැඩි වාසි කෝල්ට්ස් කණ්ඩායම වෙත ලබා දීමේ පුරෝගාමියා විය. ඔහු මෙම ලකුණු ප්‍රමාණයෙන් ලකුණු 43ක්ම ලබා සිටියේ පෙර දිනයේය.

තරගය දෙවැනි දිනයේ දිවා විවේකයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 204ක් ලබා සිටියේ එම ඉනිමේ පන්දුවාර 56ක් ලෙසින් සටහන් වෙද්දීය. දිවා විවේකයෙන් පසුව ඔවුන්ට වැඩි වේලාවක් පිටියේ රඟන්නට අයහපත් කාලගුණය ඉඩ සැලසුවේ නැත. මේ වන විට දිවයින පුරා සක්‍රීය වී තිබෙන ඊසාන දිග මෝසම් තත්ත්වය කොළඹ අහස වෙලා ගනිද්දී පිටියේ විනිසුරුවන්ට සිදු වූයේ තරගයේ දෙවැනි දිනය අවසානයක් නොදැක අතරමග නතර කරන්නටය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි කොළඹ ප්‍රදේශයට මිලි මීටර් 75-85ත් අතර ප්‍රමාණයකින් වර්ෂාවක් පතිත වන විට, ආර්. ප්‍රේමදාස පිටියේ ලකුණු පුවරුව එදිනට නතර වූයේ පන්දුවාර 50ක් පමණක් සක්‍රීයව තිබිය දී ය. ඒ අනුව දිනය අවසන් වීමට තවත් පන්දුවාර 48ක් ඉතිරිව තිබුණේය.

නවසීලන්ත ක්‍රිකට් ආචර්ගෙන් සමාව අයදියි

එංගලන්තය සහ නවසීලන්තය අතර අද (25) මවුන්ට් මන්ගුවානි හිදී නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී එංගලන්ත වේගපන්දු…

තරගය නතර කරද්දී ජෙහාන් ඩැනියෙල් සහ විශාද් රන්දික පිටියේ නොදැවී රැඳී සිටියහ. ජෙහාන් ඩැනියෙල් පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 83ක් ලබා සිටි අතර විශාද් රන්දික පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබා සිටියහ. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එක්ව තිබූ නොදැවුණ සබඳතාව ලකුණු 125කි.

කඩුලු ලබා ගැනීමේ දී වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු පන්දුවාර 19ක් යවමින් නිලකුණු පන්දුවාර 3ක් සමඟින් ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත්තේය. ඊට අමතරව දැවී ගිය අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය නිම්සර අතරගල්ල සතු විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 143 (43.5) නිමේෂ් විමුක්ති 25, ඩිල්ශාන් සංජීව 46, දසුන් සෙනෙවිරත්න 19, නිපුන් රන්සික 4/28, කවිශ්ක අංජුල 3/43, නිපුන් මාලිංග 2/29

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දින තරගය නතර කරන විට පන්දුවාර 22ක දී කිසිවෙක් නොදැවී 77) කඩුලු 3ක් දැවී 250 (71.5) ධනංජය ලක්ෂාන් 61,   සංතුශ් ගුණතිලක 21, ජෙහාන් ඩැනියෙල් නොදැවී 83, විශාද් රන්දික නොදැවී 62, අසිත ප්‍රනාන්දු 2/44

තරගය හෙට (26) තෙවැනි සහ අවසන් දිනට ක්‍රියාත්මක වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<