ගෙවුනු දවස අප්‍රේල් 01 – බංග්ලාදේශ සිහිනය බොඳ වී යයි

741

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

රුහුණු මායා සටන තීරණයකින් තොරයි

Dharmapala College Vs Rahula Collegeමාතර රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 6 වන වරටත් පැවැත්වූ රුහුණු මායා  සටන ඊයේ (1) මොරටුව ටිරොන් ප්‍රනාන්දු පිටියේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය.

රාහුල විද්‍යාලය පළමු ඉනිම – කඩුලු 9ක් දැවී ලකුණු 210 dec (පන්දුවාර 75.2): ලක්දිනු චමෝද්‍ය 55, බිනුර සංගීත් 38, සසිත් මනුරංග 32, භාග්‍ය හිමත් 24, චමිදු සමරසිංහ 4/61, ශසික ඩිල්ශාන් 2/45

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 49): චමිදු සමරසිංහ 36, අවිශ්ක හසරින්ද 21, නුවන් මදුසංක 5/54, පසන් සමරතුංග 3/21, විනුශ්ක චතුරංග 2/08

රාහුල විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 6ක් දැවී ලකුණු 80 dec (පන්දුවාර 15): පිරුන හේවාමද්දුම 28, දුලාජ් එගොඩගේ 3/16, අවිශ්ක හසරින්ද 2/13

ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 3ක දැවී ලකුණු 41 (පන්දුවාර 19): පසන් සමරතුංග 2/26

සම්පූර්ණ වාර්තාව: රුහුණු මහා සටන ජය පරාජයෙන් තොරයි


සදීරගෙන් අර්ධ ශතකයක්

Sadeera Samarawickrama 1ආසියානුකරයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රමුඛ පෙළ රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන නැගී එන ක්‍රීඩකයින්ගේ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙන්නට ඊයේ (01) ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. ඒ අනුව මෙම තරගාවලියේ කිසිදු තරගයක් පරාජයට පත් නොවී අවසන් පූර්ව වටය දක්වා පැමිණි සත්කාරක බංගලාදේශයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

බංගලාදේශ නැගී එන කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 179 (පන්දුවාර 49.3): මොහොමඩ් සයිෆුද්දින් 41, නසීර් හුසේන් 38, සයිෆ් හසන් 32, අබුල් හසන් 23, අසිත ප්‍රනාන්දු 4/33, අමිල අෆොන්සු 1/10, ඇන්ජෙලෝ පෙරේරා 1/13, චාමික කරුණාරත්න 1/25.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 180 (පන්දුවාර 38.5): සදීර සමරවික්‍රම 88*, චරිත් අසලංක 83*, ශෙහාන් ජයසූරිය 6, නයීම් හසන් 1/28, මොහොමඩ් සයිෆුද්දින් 1/45.

සම්පූර්ණ වාර්තාව: සදීර සහ අසලංක ශ්‍රී ලංකාව අවසන් සටනට ගෙන යයි


තෙවැනි තරගය ශ්‍රී ලංකාවට

SLvBAN 3rd ODIබංග්ලාදේශය ටෙස්ට් ක්‍රීඩා කරන විදෙස් රටකට එරෙහිව ලබන ප්‍රථම තරගාවලි ජයග්‍රහණය දැක බලා ගැනීමේ අටියෙන් කොළඹ SSC පිටියට පැමිණ සිටි බංගලාදේශ ආධාරකරුවන්ගේ සියලු බලාපොරොත්තු ඊයේ (01) බොඳවී ගියේය. ඒ දෙරට අතර පැවති තෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 70කින් ජය ගත් බැවිනි. ඒ අනුව එක්දින තරගාවලිය නිමාවට පත්වූයේ ජය පරාජයකින් තොරවයි.

ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී ලකුණු 280 (පන්දුවාර 50): කුසල් මෙන්ඩිස් 54, තිසර පෙරේරා 52, උපුල් තරංග 35, ධනුෂ්ක ගුණතිලක 34, අසේල ගුණරත්න 34, දිනේෂ් චන්දිමාල් 21, මශ්රාෆි මොර්ටාසා 3/65, මුස්ටාෆිසූර් රහ්මාන් 2/55.

බංග්ලාදේශය – සියල්ලන්ම දැවී ලකුණු 210(පන්දුවාර 44.3): ශකීබ් අල් හසන් 54, මෙහෙදි හසන් 51, සෞම්‍ය සර්කාර් 38, මශ්රාෆි මොර්ටාසා 16, නුවන් කුලසේකර 4/37, සීක්කුගේ ප්‍රසන්න 2/33, සුරංග ලක්මාල් 2/38, දිල්රුවන් පෙරේරා 2/47.

සම්පූර්ණ වාර්තාව: කුසල්, තිසර සහ කුලසේකර බංග්ලාදේශ සිහින බොඳ කරයි


   රග්බි   

බැසිල් වීරසිංහ පලිහ සාන්ත ජෝසප් විදුහලට

SPC v SJCපාසල් රග්බි පිටියේ 6 වැනි සතියේ තරග ඊයේ (01) සාර්ථකව නිමාවට පත් විය. පාසල් 6ක සහභාගීත්වයෙන් පැවති එම තරග ත්‍රිත්වයෙන් ධර්මරාජ විද්‍යාලයත්, සාන්ත ජෝසප් විද්‍යාලයත්, ඉසිපතන විද්‍යාලයත් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වූ අතර ඔවුන් හමුවේ පිළිවෙළින් පරාජය වූයේ ධර්මරාජ විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලයයි.

ලකුණු සටහන

  • ධර්මරාජ විද්‍යාලය 24 (4T 2C) – 34 (5T 3C 1P) සාන්ත අන්තෝනි විද්‍යාලය
  • සාන්ත ජෝසප් විද්‍යාලය 25 (3T 2C 2P) – 10 (2T) සාන්ත පීතර විද්‍යාලය
  • ඉසිපතන විද්‍යාලය 69 (11T 7C) – 13 (2T 1P) ඩී. එස්. සේනානායක විද්‍යාලය

සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න

දිනයක අවසානය