ගෙවුනු දවස අප්‍රේල් 18 – ඕස්ට්‍රේලියාව පෙරමුණ ගනී

356
Sri Lanka sports news last day summary april 18th

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

ජෙහාන්ගේ උත්සාහය අපතේ යයි

pic 1සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වුනු තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 102ක  දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට ඊයේ (18) ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 2 – 1ක් ලෙස මේ වන විට ඉදිරියෙන් පසු වන්නේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමයි.

ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 7ක් දැවී ලකුණු 251 (පන්දු වාර 50)‍: ජැක් එඩ්වඩ්ස් 95, විල් සදර්ලන්ඩ් 49, ඕස්ටින් වෝ 40*, රයන් හැක්නි 39, ජොනතන් මර්ලෝ 9, ප්‍රවීන් ජයවික්‍රම 2/56, කමිඳු මෙන්ඩිස් 1/17, ජෙහාන් ඩැනියෙල් 1/29.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 149 (පන්දු 32.4): ජෙහාන් ඩැනියෙල් 55*, හසිත බෝයගොඩ 15, විශ්ව චතුරංග 10, ක්‍රිෂාන් සංජුල 9, තිලාන් ප්‍රශාන් 9, රයන් හැඩ්ලි 4/61, ලොයිඩ් පෝප් 3/46, මැතිව් ස්පෝස් 1/1.

සම්පූර්ණ වාර්තාව: ජෙහාන් ඩැනියෙල්ගේ හුදකලා සටන අවසානයේ කැන්ගරුවන්ට ජය


පාපන්දු –

වෙළඳසේවා පාපන්දු පිටිය උණුසුම්

Mercantile Footballවෙළඳසේවා ලීග් පාපන්දු තරගාවලියේ “D” කාණ්ඩයේ තරග ද්විත්වයක් අදත් (18) සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවැත්විය. එම තරග වලින් LB ෆිනෑන්ස් කණ්ඩායම හා අමානා බැංකු කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කරන ලදි.

සම්පූර්ණ ලකුණු:

  • LB ෆිනෑන්ස් 03 – 01 ඩයලොග් ආසිආටා
  • අමානා බැංකුව 04 – 00 සිංගර්

සම්පූර්ණ වාර්තාව: ජයග්‍රහණය LB ෆිනෑන්ස්ට හා අමානා බැංකුවට

දිනයක අවසානය