කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
රොෂේන් සිල්වා ඉනිමේ ගැලවුම්කරු වෙයි

මිර්පූර් පිටිය නැවත වතාවක් පන්දු යවන්නන්ටම යෝග්‍ය පිටියක් බැව් අනාවරණය කරමින් බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (09) දිනයේ දී ද දෙපිලේම කඩුලු 14ක් බිඳ වැටුණ අතර පිතිකරුවන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 254ක් පමණි. ඉන් ලකුණු 200කම හිමිකාරීත්වය දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සතු වූහ.
පළමු ඉනිමේ සේ ම නැවත වතාවක් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටෙමින් තිබිය දී එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා පිලේ ගැලවුම්කරු වීමට රොෂේන් සිල්වා සමත් විය. දෙවැනි දිනයට බේල්ස් ඉවත් කෙරෙන විට රොෂේන් පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් ද සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා සිටියේය.
සම්පූර්ණ වාර්තාව: රොෂේන් නැවත ගැලවුම්කරු වෙයි; ශ්‍රී ලංකාව ලකුණු 312ක් ඉදිරියෙන්
සාන්ත සෙබස්තියන්, තෝමස් හා තර්ස්ටන් විද්‍යාලවලට පූර්ණ ජයග්‍රහණ

මීට අමතරව අවසන් වූ තරග අතුරෙන් සාන්ත පීතර, ඉසිපතන සාන්ත මරියා, මහින්ද හා මහානාම යන විද්‍යාල පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගන්නා ලදි.
සම්පූර්ණ වාර්තාව: මුරලි – වාස් කුසලානයේ පළමු ඉනිමේ ජය ජෝසප්වරුන්ට
CH, යුද හමුදා සහ නාවික හමුදාව ජය පැන් බොති

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟ පැවති දෙවැනි තරගය ලකුණු 50-28ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.
CR & FC කණ්ඩායමත්, CH & FC කණ්ඩායමත් තුරඟ තරග පිටියේ දී තරග වැදුණු දිනයේ අවසන් තරගයේ දී ලකුණු 25-24ක තියුණු ජයක් ලබා ගැනීමට CH & FC ක්‍රීඩකයන් සමත් විය.






















