කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
20-20 නායකත්වය චන්දිමාල්ට

පැවති තුන්කොන් එක්දින තරගාවලිය අතරතුර දකුණු පාදයේ ආබාධයකට ලක්වීම නිසා මැතිව්ස් නැවතත් දිවයිනට පැමිණි අතර මෙම ආබාධය ඔහුට පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දැඩි බාධාවක් වී ඇත.
සම්පූර්ණ වාර්තාව: විස්සයි විස්ස කණ්ඩායමට නව නායකයෙක්
මිලියන 85ක් වැය කරමින් ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත්තු

කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගෙන ඇත්තේ 2016 සහ 2017 ක්‍රිකට් වාරයට සහභාගි වූ ක්‍රීඩකයන් අතුරිනි.
2016-2017 තරග වාරයේ ඉහළම දස්කම් දැක්වූ පළමු පෙළ ක්‍රීඩකයින් විස්සක් සහ දේශීය තරගාවලිවලට සහභාගි වී උසස් දස්කම් පෙන්වූ ක්‍රීඩකයින්ට දිරිගැන්වීමක් ලෙස නැගී එන ක්‍රීඩකයින් විසිතුනක් ද මීට ඇතුළත් කර ඇත.
ඊට අමතරව අවුරුදු 19න් පහළ ක්‍රීඩකයින් විසිනවයකටත් හිටපු ජාතික ක්‍රීඩකයින් පහළොස් දෙනෙකු හා වත්මන් ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත්තුවලට අයත් නොවන එහෙත් මෑතක දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් දාහතකටත් නව කොන්ත්‍රාත්තු පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
ක්‍රීඩකයින් 104කට මේ ප්‍රතිපාදන ලබා දෙන්නේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජවලින් පිරිනැමෙන දීමනාවලට අමතරවයි.
ක්‍රීඩකයින් ලැයිස්තුව: මිලියන 85ක් වැය කරමින් ක්‍රිකට් ක්‍රීඩකයින් කොන්ත්‍රාත්තු ගත කරයි
ෂෙහාන් ජයසූරියගෙන් සුපිරි පිතිකරණයක්

දක්ෂතා දැක්වූ අනෙකුත් පන්දු යවන්නන් අතුරින් චානක කොමසාරු සහ ආකාශ් සේනාරත්න කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත් වූහ.
දඟ පන්දු යවන්නන් පිටිය තමන්ගේ ග්‍රහණයට ගනිද්දී තවත් දඟ පන්දු යවන්නෙක් වූ තරිඳු කෞෂාල් පිතිකරුවෙක් ලෙස දක්ෂතා දක්වමින් මේ සතියේ පළමු ශතකය රැස් කිරීමට සමත් වූවේ ය. එය කෞෂාල්ගේ මංගල පළමු පෙළ ශතකයයි.
සම්පූර්ණ වාර්තාව: දඟපන්දු යවන්නන්ට පිටිය ලියැවෙද්දී තරිඳු කෞෂාල්ගෙන් ශතකයක්
ලක්ෂිත නාලන්දාව ජයග්‍රහණය කරා මෙහෙයවයි

නාලන්ද විද්‍යාලය – 219/10 (76.2): චමිඳු විජේසිංහ 47, ලක්ෂිත රසාංජන 40, රුසිරු ද සිල්වා 22, මොහොමඩ් අමින් 3/51.
සාන්ත පීතර විද්‍යාලය – 154/10 (52.5): රන්මිත් ජයසේන 53, ශාලිත් ප්‍රනාන්දු 25, ශැනොන් ප්‍රනාන්දු 24, ලක්ෂිත රසාංජන 5/30, චමිඳු විජේසිංහ 3/24.
නාලන්ද විද්‍යාල දෙවන ඉනිම – 87/2 (36):
තරග ප්‍රතිඵලය – නාලන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
සම්පූර්ණ වාර්තාව: සාන්ත ජෝන් හා ජනාධිපති විද්‍යාල අතර තියුණු සටනක්





















