විස්සයි විස්ස කණ්ඩායමට නව නායකයෙක්

1909
Chandimal set to lead Sri Lanka

ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටින බැවින් බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල් වෙත පවරා ඇත.

[rev_slider LOLC]

“ඊළඟ තරගයේ දී මීට වඩා හොඳ තණතිල්ලක් බලාපොරොත්තු වෙනවා” – දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම..

පැවති තුන්කොන් එක්දින තරගාවලිය අතරතුර දකුණු පාදයේ ආබාධයකට ලක්වීම නිසා මැතිව්ස් නැවතත් දිවයිනට පැමිණි අතර මෙම ආබාධය ඔහුට පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දැඩි බාධාවක් වී ඇත.

ඒ අනුව ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරන දිනේෂ් චන්දිමාල් හට එක්දින කණ්ඩායමේ නායකත්වය ද දැරීමට සිදු වූ අතර මෙම මස 15 සහ 18 දෙදින පැවැත්වෙන පන්දුවාර 20 තරග දෙක සඳහා ද කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ඔහුට පැවරී ඇත.

චන්දිමාල් අවසන් වරට පන්දුවාර 20 තරගයක් සඳහා කණ්ඩායම නියෝජනය කළේ පසුගිය ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව වන අතර එම අවස්ථාවේ දී ද ඔහුට කණ්ඩායමේ නායකත්වය දැරීමට සිදු වූයේ එහි දී මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වීම නිසාය.

“අපිට මැතිව්ස්ව මේ තරග දෙකට ක්‍රීඩා කරවලා අවදානමක් ගන්න අවශ්‍ය නැහැ. අපේ සැලසුම ඊළඟ මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය සඳහා ඔහුව රැගෙන එන එක.” Cricbuzz වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ලැබ්රෝයි පැවසීය.

එළඹෙන පන්දුවාර 20 තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන සංචිතය ඉදිරි සතිය ඇතුළත දී ප්‍රකාශයට පත්කරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<