කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
තරගයේ වීරයා අනුරාධ හේරත්

පළමු අර්ධය: CH & FC 15 (2T 1C 1P) – 17 (3T 1C) යුධ හමුදා ක්‍රීඩා සමාජය
සම්පූර්ණ කාලය: CH & FC 30 (4T 2C 2P) – 28 (4T 1C 2P) යුධ හමුදා ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා – අනුරාධ හේරත් (CH & FC ක්‍රීඩා සමාජය)
සම්පූර්ණ වාර්තාව: අවසන් සටනේ යුධ විරුවන් පසුබසියි
යොවුන් ක්‍රීඩකයෝ ජය පැන් බොති

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම කඩුලු 5ට ලකුණු 254 (50) ඇලික් ඇතන්සි 110*, කීගන් සිමන්ස් 24, බාස්කර් යාඩ‍්‍රම් 31, කර්ස්ටන් කලිචරන් 24, බ‍්‍රෑඩ් බාන්ස් 37*, නිපුන් මාලිංග 63/2, ප‍්‍රවීන් ජයවික‍්‍රම 33/2
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 7ට ලකුණු 255 (49.4) හසිත බෝයගොඩ 116, ධනංජය ලක්ෂාන් 98, නවනිඳු ප‍්‍රනාන්දු 14, ජේරියන් හොයිටි 44/2, බාස්කර් යාඩ‍්‍රම් 42/2
සම්පූර්ණ වාර්තාව: හසිත බෝයගොඩ සහ ධනංජය ලක්ෂාන් වාර්තා අලුත් කරයි!
සාලින්ද උෂාන්ගෙන් ශතකයක්

මේ අතුරින් වඩාත් උණුසුම් තරගය වූයේ පළමු ඉනිමේ දී ලත් ජයග්‍රහණය ආරක්ෂා කර ගත නොහැකි වූ බී. ආර්. සී. ක්‍රීඩකයන්ට කෝල්ට්ස් කණ්ඩායම වෙතින් පරාජය වීමට සිදු වීමයි.
මේ අතර පළඟ ශූරතාවලියේ පැවති තරග තුන ද ඊයේ අවසන් වූයේ ජය පරාජයෙන් තොරව ය. මෙම තරග අතුරින් 21 හැවිරිදි සාලින්ද උෂාන් පන්දු 374ක දී ලකුණු 154ක් රැස් කිරීම දවසේ කැපී පෙණෙන සිදු වීම විය.
සම්පූර්ණ වාර්තාව: රාගම, කෝල්ට්ස් සහ මේරියන්ස් ජයග්‍රහණ වාර්තා කරයි
මීගමුව ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක්

ජය පරාජයෙන් තොරව තරග කිහිපයක්ම නිමා වූ නමුත් එම තරගවලින් කළුතර නගර සමාජය, ගාලු ක්‍රිකට් සමාජය හා කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ ජය ලබාගන්නා ලදි.
සම්පූර්ණ වාර්තාව: මීගමුවට පූර්ණ ජයක්






















