කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
නිදහස් කුසලානයේ මූලික සංචිතයට මාලිංග නැහැ

කාගේත් අවධානයක් දිනාගත් ලසිත් මාලිංග හට මෙවරත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය තුළ සිය ස්ථානය අහිමි වී ඇති නමුත් මේ වන විට පැවැත්වෙන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 3කට සහභාගි වූ මාලිංග කඩුලු 8ක් දවාගෙන ඇත.
මේ මූලික සංචිතයට නුවන් ප්‍රදීප්, කුසල් ජනිත් පෙරේරා හා දුශ්මන්ත චමීර නැවතත් කැඳවා ඇත්තේ ඔවුන් ලක්ව සිටි ආබාධවලින් පූර්ණ ලෙස සුව වී සිටීම නිසාවෙනි. ඔවුන් සියලු දෙනාම මේ වන විට පැවැත්වෙන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දස්කම් අතර සිටියි.
සම්පූර්ණ සංචිතය: ආබාධවලට පසුව සුපිරි ක්‍රිකට් තරු 3ක් මූලික සංචිතයට
තිසර සහ කුසල්ලා දක්ෂ පිතිකරණයක

ඊයේ පැවැත්වූ තරග අතුරෙන් තරග දෙකක් ලකුණු සමවීමෙන් අවසන් වූ අතර අනෙකුත් තරග ජයග්‍රහණය කිරීමට බදුරලිය, එස්. එස්. සී, නාවික හමුදා, හලාවත, මීගමුව, කෝල්ට්ස්, පොලිස් හා සැරසන්ස් යන කණ්ඩායම් සමත් විය. ඒ අතුරෙන් ජයග්‍රහණ කිහිපයක්ම ලියවූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවයි.
සිංහල ක්‍රීඩා සමාජය – 203/5 (20): තිසර පෙරේරා 84, දිමුත් කරුණාරත්න 57*, දසුන් ශානක 34, ශතික් නිමල්ශ 3/25.
නාවික හමුදා ක්‍රීඩා සමාජය – 96 (18.3): සුපුන් ලීලාරත්න 35, අකාශ් සේනාරත්න 4/22, ජෙෆ්රි වැන්ඩසේ 2/30.
සම්පූර්ණ වාර්තාව: කුසල්ලා අර්ධ ශතක රැස් කරති; මාලිංගගෙන් කඩුලු 3ක්
අවසන් අටට මහානාම විදුහලත්

මහානාම විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 147 (58.4) හේශාන් නෙලික 40, වත්සර පෙරේරා 34, පවන් රත්නායක 28, විනුක රූබසිංහ 20, සවන් ප්‍රභාෂ් 3/16, නිපුන් ලක්ෂාන් 3/47, යෙශාන් වික්‍රමාරච්චි 2/04.
තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 73 (22.3) රශ්මික හිරිපිටිය 22, හේශාන් නෙලික 4/21, පැතුම් බොතේජු 2/24, පියුමාල් සංදීප 2/25
මහානාම විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 137 (73.2) විනුක රූබසිංහ 34, පැතුම් බොතේජු 26, ඉෂාන් මෙන්ඩිස් 20, සඳරු ඩයස් 3/26, අයේෂ් හර්ෂණ 3/50
තර්ස්ටන් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 156 (20.1) යෙශාන් වික්‍රමාරච්චි නොදැවී 95, ජනුශික ප්‍රනාන්දු 17, හේෂාන් නෙලික 2/78
සම්පූර්ණ වාර්තාව: මහානාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට






















