WATCH – අවුරුදු 19දී ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා – Farveez Maharoof | Legends

1638

2004 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් ෆර්වීස් මහරූෆ් ලොව බිහිවුණු තවත් දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 109ක්, ටෙස්ට් තරග 22ක් හා විස්සයි විස්ස තරග 8ක් ක්‍රීඩා කර තිබෙන මහරූෆ් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන දෙකක් ක්‍රීඩා කරමින් 2004 දී ශ්‍රී ලංකා 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය ද දරුවා. මේ ඔහුගේ Legends කතාවයි.