කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
කමිදුගෙන් 158ක්

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – 57/10 (22.3): දිලුම් සුධිර 3/11, ධනංජය ලක්ෂාන් 3/23.
රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 364/5 (64): කමිඳු මෙන්ඩිස් 158, ධනංජය ලක්ෂාන් 54, කසුන් තාරක 41, ආධිත්‍යය සිරිවර්ධන 41, තවීෂ අභිශේක 33, සංජන මෙන්ඩිස් 2/81.
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 239/10 (68.1): නිම්සර අත්තනගල්ල 44, මනුමොහන් සවිත්‍රරන් 42, පසන් හෙට්ටිආරච්චි 30, මන්ජිත් රාජපක්ෂ 25, රොමල් මේනුක 5/72, ක්‍රිශාන් සංජුල 2/19.
ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 34/0 (11.2):
සම්පූර්ණ වාර්තාව: කමිඳු මෙන්ඩිස් රිච්මන්ඩ් ඉනිම ශක්තිමත් කරයි
කොදෙව්වෝ ප්‍රබල තැනක

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ‘ පළමු ඉනිම – 364/8 (120) – සුනිල් අම්බ්‍රිස් – 106, විශාල් සිං – 81, ජෝන් කැම්බල් – 56, රකීම් කෝන්වෝල් – 36, මාලින්ද පුෂ්පකුමාර – 3/104, චාමික කරුණාරත්න – 2/61, අසිත ප්‍රනාන්දු – 1/37, ෂෙහාන් ජයසූරිය – 1/43
හෙන්ඩර්සන් දෙවැනි රන් පදක්කම දිනා ගනී

තරගාවලියේ පළමු දිනයේ දී ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එදින පැවැත්වීමට නියමිතව තිබූ ඉසව් රැසක් ඊයේ දිනයට කල් දැමුණු අතර ඒ අනුව ඊයේ දිනයේ තරග ඉසව් නියමිත වේලාවට පෙර ආරම්භ කරන්නට සංවිධායකයින් කටයුතු කළේය. එමෙන්ම ඊයේ දිනයේ දී තරග ඉසව් රැසක අවසන් තරග ද පැවැත්වීමට නියමිතව තිබූ අතර දිනය ආරම්භයේ ඉතා පැහැබර කාළගුණ තත්වයක් දිස්විය.
සම්පූර්ණ වාර්තාව: හෙන්ඩර්සන් සිය දෙවැනි රන් පදක්කමත් ලබා ගනී





















