කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
පාපන්දු සම්මේලනයෙන් වෙනස්ම කතාවක්

වාර්තා සඳහන් කරන අන්දමට ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයේ සිට මාස 3-4ක කාලයක් පුරාවට තරග විනිසුරුවරුන් හට අදාළ තරග මුදල් ගෙවීමට පාපන්දු සම්මේලනය අසමත් වී ඇත.
මේ පිළිබඳව විමසීමට ThePapare.com, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජස්වර් උමාර් මහතා සම්බන්ධ කර ගත් අතර එහි දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ; “පාපන්දු සම්මේලනය තරග විනිසුරුවරුන්ට දිගු කාලයක ඉඳන් තරග මුදල් ගෙවලා නැහැ කියන කතාවේ සත්‍යතාවයක් නැහැ. අපි ඔවුන්ට තරගවලට පෙර අදාළ මුදල් ගෙවලා තියෙන්නේ.
සම්පූර්ණ වාර්තාව: තරග විනිසුරුවරුන් වැඩ වර්ජනයක?
ලෝක වාර්තා මැද ඉන්දියාව ජයග්‍රහණය වෙත

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා සම්පූර්ණ දින දෙකක කාලයක් සමඟින් ලකුණු 405ක් පිටුපසින් සිට දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, නාග්පූර් හී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබා සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉන්දීය ක්‍රීඩකයන්ට වඩා තවත් ලකුණු 384ක් පිටුපසින් සිටිනුයේ කඩුලු 9ක් ඇතැතිවයි.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය අවාසනාවන්ත ක්‍රීඩකයා වූයේ ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම ය. ඉෂාන්ට් ෂර්මාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීම නිසා ඔහුගේ ඉනිම නිමා වූයේ දෙවැනි ඉනිමේ දෙවැනි පන්දුවේ දීය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (79.1): දිමුත් කරුණාරත්න 51, දිනේෂ් චන්දිමාල් 57, නිරෝෂන් දික්වැල්ල 24, දිල්රුවන් පෙරේරා 15, සුරංග ලක්මාල් 17, ඉෂාන්ට් ෂර්මා 3/37, රවිචන්ද්‍රන් අශ්වින් 4/67, රවින්ද්‍ර ජඩේජා 3/56
ඉන්දියාව පළමු ඉනිම කඩුලු 6ක් දැවී ඉනිම අත්හිටවූවා 610 (176.1): (දෙවන දිනය නතර කරන විට පන්දුවාර 98.0ක දී කඩුලු 2ක් දැවි 312; මුරලි විජේ 128, චෙටෙස්වර් පුජාරා නොදැවී 121, විරාත් කෝලි නොදැවී 54) චෙටෙස්වර් පුජාරා 143, විරාත් කෝලි 213, රෝහිත් ෂර්මා නොදැවී 102, දිල්රුවන් පෙරේරා 202/3
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 21 (9.0): දිමුත් කරුණාරත්න 11*, ලහිරු තිරිමාන්න 9*
සම්පූර්ණ වාර්තාව: කෝලිගේ ඉනිම ශ්‍රී ලංකාවේ දෑස් තෙත් කරයි





















