කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ගොපල්ලව පළිහ විද්‍යාර්ථයට

තරගයේ පළමු මිනිත්තු පහ ගත්වෙද්දීම බී. ප්‍රනාන්දු උත්සාහක දිනුම වාර්තා කළේ ආනන්දයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. එහි ප්‍රවර්තනය එස්. විජේසිංහ විසින් සාර්ථක කර ගන්නා ලදි. (00-07)
ඉන් මිනිත්තු කිහිපයක් ගතවෙත්ම ආනන්දයේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක එස්. තිලකරත්න නැවතත් විද්‍යාර්ථ ආරක්ෂක බැම්ම බිඳ දමමින් ධවල රේඛාව වෙත ගමන් කළේ තවත් උත්සාහක දිනුමක් ආනන්දය වෙත දිනා දෙමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (00-14)
පළමු අර්ධය: විද්‍යාර්ථ විද්‍යාලය 31 – 33 ආනන්ද විද්‍යාලය
අවසන් ලකුණු තත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 52 (6T 5C 1P) – 33 (5T 4C) ආනන්ද විද්‍යාලය
සම්පූර්ණ වාර්තාව: කන්ද උඩරට ක්‍රීඩකයෝ විලියම් ගොපල්ලව පළිහ ගෙදර රැගෙන යති
ඩී. එස්. පරදා අලස් කුසලානය සහිරාවන් අතට

තරගයට ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගත් සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගය ආරම්භ වී මිනිත්තු 7ක කාලයක් ගතවද්දී ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. එහි දී සේනානායක ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමකින් පන්දුව ලබාගත් සහිරා ක්‍රීඩක ශමීර් ඉක්බාල් 1T, සාර්ථකව පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යාමට සමත් විය. නමුත් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නට මින්හාජ් ශම්ෂුදීන් සමත් වූයේ නැත. (DS 00-05 ZC)
පළමු අර්ධය : ඩී. එස්. සේනානායක විද්‍යාලය 12 – 12 සහිරා විද්‍යාලය
අවසන් ලකුණු තත්වය : ඩී. එස්. සේනානායක විද්‍යාලය 17 (3T 1C) – 19 (3T 2C) සහිරා විද්‍යාලය
- ThePapare.com තරගයේ වීරයා – අම්ජාඩ් ෆවුමි (සහිරා විද්‍යාලය)
සම්පූර්ණ වාර්තාව: සහිරාවන් හමුවේ ඩී. එස්. ක්‍රීඩකයෝ තියුණු සටනක
ගාලු ක්‍රිකට් වසන්තයේ පළමු දිනය නිමයි

කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද එය එතරම්ම සාර්ථක තීරණයක් වූයේ නැත. දිනයේ තේ විවේකය වෙද්දී ඔවුන්ගේ ඉනිම කඩා වැටුණේ ලකුණු 170ක් ලෙසින් ලකුණු පුවරුව කියැවෙද්දීය. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි මහින්ද විද්‍යාලය පළමු දිනයට කඩුල්ලේ බේල්ස් ඉවත් කෙරෙන විට කඩුලු 3ක් දැවී ලකුණු 73ක් ලබා සිටියේය. එය ද තරමක අවදානම් ලකුණු පුවරු කියැවීමකි.
සම්පූර්ණ වාර්තාව: පසන් පෙතන්ගොඩ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ අමාරුවේ දමයි
කඳුරට නිල් මහා සටනේ දී බෝයගොඩගෙන් වැඩි දස්කම්

තරගයේ පළමු දිනය තුළම ත්‍රිත්ව විද්‍යාලය සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් අතර නායක හසිත බෝයගොඩගේ පිතිකරණය ත්‍රිත්ව විදුහල් ලකුණු පුවරුව වර්ණවත් කරන්නට සමත් විය.
ජෝන් හලංගොඩ සමරු කුසලානය වෙනුවෙන් පවත්වනු ලබන මෙම ක්‍රිකට් තරග ඉතිහාසයේ මෙතෙක් පවත්වා ඇති තරග පිළිබඳව සලකා බැලූ විට ත්‍රිත්ව විද්‍යාලය ජයග්‍රහණ 23ක් සමඟින් ඉදිරියෙන් පසුවන අතර සාන්ත අන්තෝනි විද්‍යාලය තරග 11ක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.
සම්පූර්ණ වාර්තාව: බෝයගොඩගේ මංගල අර්ධ ශතකය සමඟින් ත්‍රිත්වයින් ප්‍රථම ඉනිම ජය ගනී
අවසන් මොහොතේ දී බංග්ලාදේශය තරගය ජය ගනී

අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුව යොමු කිරීමත් සමඟ බංග්ලාදේශ ක්‍රීඩකයන් කලහකාරී ලෙස හැසිරෙනු දක්නට ලැබුණු අතර විනිසුරුවන්ගේ තීරණයට එකඟ නොවූ එම ක්‍රීඩකයින් අතරින් නායක ශකීබ් අල් හසන් පන්දුවට පහර දෙමින් සිටි මහමුදුල්ලාව සහ රුබෙල් හුසේන්ව පිටියෙන් ඉවතට කැඳවීමේ උත්සාහයක නිරත වනු දක්නට ලැබුණි.
සම්පූර්ණ වාර්තාව: ශ‍්‍රී ලංකාව හඬවා බංග්ලාදේශය අවසන් සටනට





















