කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
දඟයෝ කළ වික්‍රමයෙන් දකුණු අප්‍රිකාව පරාජය වේ

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 98ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරා ගිය ගමනේ දී කඩුලු 7ක් අහිමි කර ගත්තා. එහෙත් ඔවුන් පන්දු 24ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ කළ වික්‍රමය පිතිකරුවෝ පමා කරති
නැගී එන ක්‍රීඩකයෝත් දකුණු අප්‍රිකාව මෙල්ල කරයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට කැඳවා තිබීම නිසා අද තරගයේ නායකත්ව වගකීම චරිත් අසලංක වෙත හිමිව තිබුණි.
කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානුවන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 42යි පන්දු 3ක් තුල සියල්ලන්ම දැවී ලකුණු 223ක් ලබාගත් අතර පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ පන්දුවාර 48යි පන්දු 5ක් තුල කඩුලු 8ක් පමණක් දවා ගනිමිනි.
සම්පූර්ණ වාර්තාව: සධීර හා ඩැනියල්ගෙන් සුපිරි සබඳතාවයක්





















