ගෙවුණු දවස ජනවාරි 13 – සුරංග ලක්මාල් උපනායකත්වයට

244

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    රග්බි    

හැව්ලොක්, මහනුවර සහ නාවික ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරති

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දස වැනි සති අන්තය අවසන් කරමින් තරග 3ක් ඊයේ (13) පැවති අතර එහි දී හැව්ලොක් ක්‍රීඩා සමාජය හා යුද හමුදා ක්‍රීඩා සමාජය හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී තරග වැදුණු අතර තියුණු සටනකින් අනතුරුව ලකුණු 27-08ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට සත්කාරක හැව්ලොක් ක්‍රීඩකයින් සමත් විය.

මහනුවර ක්‍රීඩා සමාජය හා කොළඹ CR & FC කණ්ඩායම නිත්තවෙල දී තරග වැදුණු අතර තරගයෙන් ලකුණු 50-15ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩකයින්ට හැකි විය.

තෙවැනි තරගය පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති අතර ලකුණු 26-45ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

සම්පූර්ණ වාර්තා සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට


    ක්‍රිකට්    

ටෙස්ට් සංචිතය නිකුත් වේ

ජනවාරි 31 වැනි දින බංග්ලාදේශය සමඟ එරට දී ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ඊයේ (13) ප්‍රකාශයට පත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල්ට සහය වීම සඳහා උප නායකත්වයට නම් කර ඇති අතර ඔහුට එවන් වගකීමක් පැවරුණු පළමු අවස්ථාව  මෙයයි. මේ අතර ඉන්දීය තරග සංචාරය තුල දී ටෙස්ට් උපනායකයා ලෙස කටයුතු කළ ලහිරු තිරිමාන්නට මෙන්ම යොවුන් ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම  හට ද කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ.

සම්පූර්ණ සංචිතය: බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි


පානදුර – ගුවන් සටන දින දෙකෙන් විසඳේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B තරගාවලියේ මේ සතියේ පැවති තරග අතුරින් ලැජ්ජා සහගත පරාජයකට හිමිකම් කියන්නට පානදුර ක්‍රීඩකයන්ට ඊයේ (13) සිදු වූහ.

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමඟ පැවති මෙම තරගයේ දෙවැනි දිනයේ දී ම ජයග්‍රහණය විසඳුණේ පානදුර ක්‍රීඩකයන්ට ඉනිමක සහ ලකුණු 97ක පරාජයක් හිමි කර දෙමිනි.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (46.6): සුරේෂ් පීරිස් 30, විනෝද් පෙරේරා 29, මොහොමඩ් රමීස් 26, දනුෂික බණ්ඩාර 20, මිලාන් රත්නායක 3/44 ශොහාන් රංගික 5/52

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 309 (86.1): හර්ෂණ ජේම්ස් 57, උදයවංශ පරාක්‍රම 25, දුලාශ් උදයංග 96 (නායක 182-6-2) රොස්කෝ තට්ටිල් 48, කමිඳු නානායක්කාර 2/45, දනුසික බණ්ඩාර 3/80, සසිඳු පෙරේරා 3/43

පානදුර ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 36 (13.3): මිලාන් රත්නායක 5/36, ශොහාන් රංගික 4/00

සම්පූර්ණ වාර්තාව: ගුවන් ප්‍රහාරයකින් පානදුර දෙවැනි දිනයේ ම අනාථ වෙයි

දිනයක නිමාව