ගුවන් ප්‍රහාරයකින් පානදුර දෙවැනි දිනයේ ම අනාථ වෙයි

653

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B තරගාවලියේ මේ සතියේ පැවති තරග අතුරින් ලැජ්ජා සහගත පරාජයකට හිමිකම් කියන්නට පානදුර ක්‍රීඩකයන්ට අද (13) සිදු වූහ.

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමඟ පැවති මෙම තරගයේ දෙවැනි දිනයේ දී ම ජයග්‍රහණය විසඳුණේ පානදුර ක්‍රීඩකයන්ට ඉනිමක සහ ලකුණු 97ක පරාජයක් හිමි කර දෙමිනි.

මතීෂ, කුසල් සහ ගයාන් Tier B පිටිය ග්‍රහණයට ගනී

26 හැවිරිදි මතීෂ පෙරේරා සහ 20 හැවිරිදි කුසල් එදිසූරිය Tier B පිටිය පිතිකරණයෙන් අලංකාරවත් කරද්දී, 36 හැවිරිදි ගයාන්…..

පානදුර සහ ගුවන් හමුදාව අතර තරගය

පානදුර ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 176ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ගුවන් හමුදා ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 309ක් රැස් කළහ. ලකුණු 133ක් පිටුපස සිට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි පානදුර ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 36ක් පමණි.

නාවික ඉනිමේ දී නායක දුලාශ් උදයංග පන්දු 182ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 96ක් ලබාගත් අතර හර්ෂණ ජේම්ස් අර්ධ ශතකයක් ලබා ගත්තේය.

පානදුර දෙවැනි ඉනිම විනාශ කිරීමට පෙරමුණ ගත්තේ දකුණතින් වේගපන්දු යවන මිලාන් රත්නායක ය. ඔහු කඩුලු 5ක් දවා ගත්තේය. ඔහුට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ දකුණතින් පිට දඟපන්දු යවන ශොහාන් රංගික කිසිදු ලකුණක් නොදී කඩුලු 4ක් දවා ගත්තේය.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (46.6): සුරේෂ් පීරිස් 30, විනෝද් පෙරේරා 29, මොහොමඩ් රමීස් 26, දනුෂික බණ්ඩාර 20, මිලාන් රත්නායක 3/44 ශොහාන් රංගික 5/52

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 309 (86.1): හර්ෂණ ජේම්ස් 57, උදයවංශ පරාක්‍රම 25, දුලාශ් උදයංග 96 (නායක 182-6-2) රොස්කෝ තට්ටිල් 48, කමිඳු නානායක්කාර 2/45, දනුසික බණ්ඩාර 3/80, සසිඳු පෙරේරා 3/43

පානදුර ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 36 (13.3): මිලාන් රත්නායක 5/36, ශොහාන් රංගික 4/00


කුරුණෑගල යොවුන් සහ පොලීසිය අතර තරගය

පොලිස් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත් ලකුණු 270ට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 156ක් පමණි. එම ඉනිමේ දී ධනුෂ්ක ධර්මසිරි පන්දු 101ක දී හතරේ පහර 8ක් සහ හ‍යේ පහර දෙකක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේය.

ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා වූයේ වේගපන්දු යවන ක්‍රීඩක නිමේෂ් විමුක්ති ගෙනි. ඔහු කඩුලු 5ක් දවා ගත්තේය.

දෙවැනි ඉනිමට ලකුණු 114ක් ඉදිරියෙන් සිට නැවත පන්දුවට පහර දීමට පිටියට පිවිසි පොලිස් ක්‍රීඩකයෝ දෙවැනි දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 113ක් ලබා සිටියහ. ඒ අනුව ඔවුන් සත්කාරක කණ්ඩායමට වඩා මේ වන විට ලකුණු 226ක් ඉදිරියෙන් සිටී.

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු  ඉනිම සියලුම දෙනා දැවී 270 (94.1): තරිඳු සිරිවර්ධන 21, තරිඳු ඩිල්ශාන් 52, විබාර් යාදව් 29, දිනූෂ ප්‍රනාන්දු 61, සමිත් දුශාන්ත 37, කෙශාන් විජේරත්න 5/37, තුසිත් ද සොයිසා 2/49

කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (52.2): ධනුෂ්ක ධර්මසිරි 67, රුවන්ත ඒකනායක 25, තරිඳු සිරිවර්ධන 3/32, නිමේෂ් විමුක්ති 5/60

පොලිස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 112 (28.0): තරිඳු ඩිල්ශාන් 26, හසිත ලක්මාල් ද සිල්වා නොදැවී 41, දිනූෂ ප්‍රනාන්දු නොදැවී 26

ප්‍රවේගකාරී ශතකයක් සමඟින් සචිත් පතිරණ චෝදනා වලට පිළිතුරු දෙයි!

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට උදාවූ අවාසනාවන්ත තත්ත්වය හමුවේ ක්‍රීඩකයින් සහ බලධාරීන් රැසක් ප්‍රේක්ෂක…..


කළුතර සහ ගාල්ල අතර තරගය

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී දෙවැනි දිනය නිමාවේදීත් පළමු ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කරන දෙපිළේ ක්‍රීඩකයෝ පන්දුවෙන් පන්දුව තරගය තමන්ගේ කර ගැනීමට අතිමහත් උත්සාහයක නිරත වෙන අයුරකි පෙනෙන්ට තිබෙන්නේ.

පළමුවෙන් පන්දුවට පහර දුන් කළුතර ටවුන් ක්ලබ් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 379ක් රැස් කළ අතර දිනය නිමා වන විට ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 195ක් ලබා සිටියහ. එම ඉනිමේ දී නායක චානක විජේසිංහ පන්දු 123කදී හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 81ක් ලබා සිටියේය.

කළුතර ටවුන් ක්ලබ්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 379 (112.5): මතීෂ පෙරේරා 122, ගීත් පෙරේරා 24, එරංග රත්නායක නොදැවී 133,  නිපුන කාරියවසම් 25, රවිඳු තිලකරත්න 20,  ගයාන් සිරිසෝම 7/115, ක්‍රිෂාන් අබේසූරිය 70/2

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 195 (59.5): ලසිත් ප්‍රනාන්දු 55, ඩිල්ශාන් කාංචන 25,  චානක විජේසිංහ නොදැවී 81, මතීෂ පෙරේරා 2/39, රවිඳු තිලකරත්න 2/65


නාවික හමුදාව සහ මීගමුව අතර තරගය

වැලිසර නාවික හමුදා පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ ද දෙවැනි දිනය නිමා වන විටත් ක්‍රියාත්මක වෙන්නේ තරගයේ පළමු ඉනිමයි.

නාවික පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 342ක් වූ අතර දෙවැනි ඉනිම නිමා වන විට මීගමුව ක්‍රීඩකයෝ කඩුලු දෙකක් දැවී ලකුණු 213ක් ලබා සිටියහ. තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්ව සිටින ප්‍රසංසන ජයමාන්න (67) සහ අකීල් ඉන්හාම් (62) අතර නොබැඳුණ ලකුණු සබඳතාව 115කි.

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 342 (111.4): සුපුන් ලීලාරත්න 27, බුද්ධික හසරංග 80, කුසල් එදිසූරිය 121, සවින් ගුණසේකර 66, රොෂේන් ප්‍රනාන්දු 3/68, උමේග චතුරංග 4/145, ෂෙහාන් වීරසිංහ 2/57

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 213 (75.0): ලසිත් කෘෘස්පුල්ලේ 52, ප්‍රසංසන ජයමාන්න නොදැවී 67, අකීල් ඉන්හාම් නොදැවී 62

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<