ගෙවුණු දවස සැප්තැම්බර් 11 – ප්‍රථම තරගයෙන් ඉන්දියාවට පහසු ජයක්

97

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ඉන්දියාවට පහසු ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ඊයේ (11) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. එහිදී ස්ම්රිතී මන්දානාගේ දක්ෂ හා ඉවසිලිවන්ත පිතිකරණය නිසා කඩුලු 9ක් දැවැන්ත ජයක් ලබා ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක චමරි අතපත්තු ගාලු ක්‍රිකට් තණතීරුව මත පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ හොඳ ලකුණු පුවරුවක් වෙත ගොස් ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් ලබා දීමේ අරමුණින් වුවත්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට එය සිතූ පරිදි පහසුවෙන් සිදුකර ගැනීමට නොහැකි විය.

සම්පූර්ණ වාර්තාව: මන්දානගේ පිතිකරණයෙන් ඉන්දියාවට පහසු ජයක්

ගුරුකුලට පළමු ඉනිමේ ජයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය ඊයේ (11) දිනයේ දී ආරම්භ වූ අතර එම තරග අතරින් ලුම්බිණි විද්‍යාලය පරාජය කළ ගුරුකුල විද්‍යාලය පළමු ඉනිමේ ජයක් වාර්තා කර ගැනීමට සමත් විය. එම තරගයේ දී ගුරුකුල විද්‍යාලයේ රශ්මික මෙවන් අර්ධ ශතක දෙකක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත වෙන ලදි.

සම්පූර්ණ වාර්තාව: ගුරුකුල විද්‍යාලයේ මෙවන්ගෙන් අර්ධ ශතක දෙකක්

දිනයක අවසානය