කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ගාල්ල සහ නුවර ක්‍රීඩකයෝ ප්‍රථම ඉනිම ජය ගනිති

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ දිනයේ දී ද වර්ෂාව ඇද හැලෙමින් තරගයට බාධා එල්ල වූ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගය කිසිදු බාධාවකින් තොරව පැවැත්විය.
ඒ අනුව දඹුලු ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 244 කඩුලු 8ක් දැවී අභිබවා යෑමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. එම ඉනිමේ කැපී පෙණෙන දක්ෂතා දැක්වූයේ චතුරංග ද සිල්වා ය. දඹුල්ල කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ ප්‍රතිවාදී කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත්විය.
නුවර සහ කොළඹ අතර තරගයේ දී නුවර කණ්ඩායම රැස් කළ ලකුණු 270ට පිළිතුරු ලෙසින් කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 138ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවමින් පළමු ඉනිමේ පරාජය බාර ගත්හ.
සම්පූර්ණ වාර්තාව: ගමගේ, උදාන සහ රජිතගෙන් වැඩි දස්කම්
සාන්ත ආනාවරුන්ගේ දේවපතිරාජයට අභියෝගයක්
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ
සාන්ත ආනා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 275 (79.2) ධනංජය බණ්ඩාර 57, දිනෙත් චන්දිමාල් 51, රන්දීර රණසිංහ 46, වනිත වන්නිනායක 26, පුබුදු ගනේගම නොදැවී 68, ඉරුක්ෂ තිමිර 5/87, පවන් සන්දේශ් 3/45
දේවපතිරාජ විද්‍යාලය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 19 (5.3) ජීවක ශෂීන් නොදැවී 14
සම්පූර්ණ වාර්තාව: සාන්ත ආනාවරුන් දැවැන්ත ඉනිමක් ගොඩනගයි
රිච්මන්ඩ් – මහින්ද අවසන් පූර්ව වටයට

පළමු පෙළ අවසන් පූර්ව තරග දෙක ජයග්‍රහණ කළ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මහින්ද විද්‍යාලය සීමිත පන්දුවාර අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කරවා ගැනීමට සමත් විය.
ත්‍රිත්ව විද්‍යාලය – 125 (41.4): හසින්ත ජයසූරිය 42, හසිත බෝයගොඩ 21, අවිඳු තීක්ෂණ 5/07, දිලුම් සුධීර 2/11.
රිච්මන්ඩ් විද්‍යාලය – 129/2 (39.4): කමිඳු මෙන්ඩිස් 67*, දනංජය ලක්ෂාන් 22.
තරග ප්‍රතිඵලය – කඩුලු 8ක ජයක් ලබාගත් රිච්මන්ඩ් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනී
වේල්ස් කුමර විද්‍යාලය – 145 (43): සනෝජ් දර්ශික 37*, සඳුන් ප්‍රනාන්දු 22, ප්‍රින්ස් ප්‍රනාන්දු 22, සුභානු රාජපක්ෂ 4/26, පසන් පෙතනගොඩ 3/43.
මහින්ද විද්‍යාලය – 146/4 (22.3): හංසික වැලිහිඳ 54*, විනුර දුල්සර 38, නිපුන් මාලිංග 23.
තරග ප්‍රතිඵලය – කඩුලු 6ක ජයක් ලබාගත් මහින්ද විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනී.
සම්පූර්ණ වාර්තාව: ගාලු පුරවරයේ ආදරවන්තයෝ අවසන් හතරට
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින






















