තරග 11ක පළමු දිනය වර්ෂාව ගිල ගනී

59

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (22) ආරම්භ වීමට නියමිතව තිබූ තරග 11ක් වර්ෂාව හේතුවෙන් නොපැවැත්විය. 

ඊට අමතරව අද අවසන් වීමට නියමිතව තිබූ එස්. එස්. සී. සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයට ද එම ඉරණමම උදා වූ අතර එම තරගයට දින දෙකේ දී ම වර්ෂාවෙන් බාධා එල්ල විය.  

අනෙක් තරග සියල්ලේ පළමු දිනය අවසන් වූයේ එකඳු පන්දුවක් හෝ යැවීමට ඉඩ නොවීමෙනි. 

බදුරලියේ දැවී ගිය කඩුලු සියල්ල බදුරලියේ මලින්ද නමට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Major Emerging තරගාවලියේ අද (20) පැවති තරගවලට වර්ෂාව…..

ඒ අනුව A කාණ්ඩය නියෝජනය කරමින් වැලිසර නාවික හමුදා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රාගම අතර තරගය සහ කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ බී. ආර්. සී. සහ ගාල්ල අතර තරගය විය. 

B කාණ්ඩය නියෝජනය කරමින් කොළඹ සී. සී. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ සී. සී. සී. සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගයත්, කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ එන්. සී. සී. සහ බදුරලිය අතර තරගයත් සහ කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ කෝල්ට්ස් සහ මීගමුව අතර තරගයත් ද විය.

C කාණ්ඩය නියෝජනය කරමින් කටුනායක දී පැවැත්වීමට නියමිතව තිබූ හලාවත මේරියන්ස් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගයත්, බ්ලූම්ෆිල්ඩ් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ බ්ලූම්ෆීල්ඩ් සහ කළුතර නගර සමාජය අතර තරගයත් සහ පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පානදුර සහ සැරසන්ස් අතර තරගයත් විය.  

D කාණ්ඩයෙන් කොළඹ මුවර්ස් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ මුවර්ස් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගයත්, බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නුගේගොඩ සහ ලංකන් අතර තරගයත් සහ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ ටැමිල් යූනියන් සහ කුරුණෑගල යූත් අතර තරගයත් විය. 

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා නැගී එන සංචිතය නිකුත් වෙයි

‘2019 ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලිය’ සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා……

මෙම තරග සියල්ල දෙවැනි දිනයට හෙට (23) ආරම්භ වීමට නියමිතව තිබුණ ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (22) සවස 4.00ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියෙන් පවසන්නේ ඉදිරි පැය 36දී කොළඹ හා ඒ අවට ප්‍රදේශයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවයි. ඇතැම් විට බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව ද ඔවුන් පවසයි. 

කෙසේ වෙතත් පසුගිය දිනවල දී පැවති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ක්‍රීඩාංගණවල ක්‍රීඩා කළ නොහැකි තත්ත්වයෙන් පැවතීම ද මෙම තරග පැවැත්වීමට බාධා එල්ල කෙරෙනු ඇත.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<