ගෙවුනු දවස සැප්තැම්බර් 23 – සීනිගම කණ්ඩායම නොසිතු ගමනක

586
Sri Lanka Sports News Last Day Summary September

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

එක්දින තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

2016 ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ, තෙවන එක් දින තරගය අද (23) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙහිදී පිත්තෙන් සහ පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානු කන්තා කණ්ඩායම කඩුලු 9කින් තරගය ජය ගනිමින් තරගාවලියේ ජයත් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 102/10 (36.5) ප්‍රසාදිනී වීරක්කොඩි 31, නිපුනි හංසිකා 23, ජෙස් ජොනැසන් 3/1  , ක්‍රිස්ටීන් බිම්ස් 2/20

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – 104/1 (15.4) එල්සි විලැනි 48 , නිකොල් බෝල්ටන් 35, ඉනෝකා රණවීර 1/27

සම්පූර්ණ ලිපිය: ඕස්ට්‍රේලියානු කාන්තාවෝ ජය තහවුරු කරගනි


තෝමසුවන් පරාදා වේල්ස් කුමරුවන් ජය ගනි

ඊයේ පැවති සිංගර් පාසල් වයස අවුරුදු 19න් පහල පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේදි  ඩී. එස්. සේනානායක විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය, මාරිස්ටෙලා විද්‍යාලය ප්‍රථම ඉණිමක ජයක් ලබා ගැනීමට සමත් විය.

වේල්ස් කුමර විදුහල – 305/8 (65): දිලංක මධුරංග 143, තිලාන් නිමේෂ් 78, සනෝජ් දර්ශික 40, ටෙහාන් ෂැෆ්ටර් 2/34, පවිත් රත්නායක 2/78, ඩිලෝන් පීරිස් 2/55

ශාන්ත තෝමස් විද්‍යාලය – 138 (54.4): ඉෂාන් පෙරේරා 44, කළණ පෙරේරා 34, සවිඳු පීරිස් 2/06, අවිදු ප්‍රනාන්දු 2/19, දිලේෂ් නානායක්කාර 2/58.

ශාන්ත තෝමස් විද්‍යාලය (2 වන ඉණිම) – 148/5 (77): මන්තිර විජේවර්ධන 37 *, ඉෂේන් පෙරේරා 34.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 208 (63): දසුන් දෙමාෂ 62, ෂිහ්සාඩ් අමීන් 39, මෙත්සිත් ජයමන්ත 34, ෂන්මුගනාදන් ෂැනෝගීත් 3/32, විමුක්ති නෙත්මාල් 3/35, මොහොමඩ් ෂීබ් 2/24.

ත්‍රිත්ව විද්‍යාලය – 181 (89.3): හසිත බෝයගොඩ 33, පූර්ණ වනසේකර 33, කළණ ද සොයිසා 23, පසිඳු ආධිත්‍ය 2/29, මුදිත ලක්ෂාන් 3/49.

ඩී. එස්. සේනානායක විද්‍යාලය (2 වන ඉණිම) – 142/4 (37.3): ෂිහ්සාඩ් අමීන් 76, විහාන් ගුණසේකර 33.

ජනාධිපති විද්‍යාලය – 205 (61,4 ): හිරුණ ඩිල්ෂාන් 57, මාලක ද සිල්වා මහතා 46, ෂාලක බණ්ඩාර 31, සංඛ පූර්ණ 5/54, ලසිත් ක්‍රෘස්පුල්ලේ 2/21

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය – 298 (89.2): දුෂාන් ගුරුගේ 87, සංඛ පූර්ණ 40, සදීෂ දෙව්ෂාන් 41 *, ෂෙහාන් මනීෂ 31, යොහාන් ලියනගේ 5/82, හසිඳු ප්‍රමුක් 4/78.

ජනාධිපති විද්‍යාලය (2 වන ඉණිම) – 119/2 (40): ඉරංග හේෂාන් 53 *, හිරුෂ ඩිල්ෂාන් 51*.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 284/7 (65): මන්ජිත් රාජපක්ෂ 111*, අවිදු හේරත් 94, ඉසුරු අනුරුද්ධ 3/49, මධුරංග චන්දුවරත්න 2/94.

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය – 69 (18.2): ටී ඩිල්ෂාන් 29 *, තුසිත් ද සොයිසා 4/26, මනුජ පුතා පෙරේරා 3/15.

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය (2 වන ඉණිම) 17 (22): තුසිත් ද සොයිසා 7/12


සීනිගම පාසල් සංයුක්තය කැපී පෙනෙයි

තාරුණ්‍යයේ ජවය සොයා සහ අනාගත තරු සොයා යන “මුරලි සමගි” කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (23) උතුරු පළාතේ ක්‍රීඩාංගණ කිහිපයකදීම  පැවැත්විණි.

තරගාවලියේ අරමුණක් වන අනාගත තරු සොයා යෑම මෙවර තරගාවලියේදීද මනාවට සාක්ෂාත් කරගනිමින් කිසිවෙකු නොසිතූ ලෙස සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම තම තරඟ 3ම ජයග්‍රහණය කරමින් තරගාවලියේ පිරිමි අංශයේ මූලික වටයේ ප්‍රථමයා වීමට සමත් විය.

සම්පූර්ණ ලිපිය: මුරලි කුසලානයේ අවසන් 4ට නොසිතූ පාසලක්

දවසේ නිමාව